“මේක වෙන්න බෑනේ! අහසේ ඒ තරුව නෑ... ඒත් මට මේකෙන් ඒක පේනවා. මම ඊයෙත් මේක ගලවල බලපු හින්දා මේකෙ ප්‍රශ්නයක් නං වෙන්න බෑ.” ඔහු තමාටම මුමුණාගති.
මේ 2550 වැනි වසරයි. මේ කාලයේ දුරේක්ෂ වලට ඇස තබා බලන මිනිසුන් මෙලොව නොමැති වුවද මේ තරු දරුවා මධ්‍යම රාත්‍රිය පසුවන තුරුම මේ කාරියේ නියැලෙයි. තම පවුලේ උරුමයක් වු මේ පැරණි දුරේක්ෂය ඔහුගේ ජීවිතේ හොදම මිතුරා විය. ඔහු මෙහි කාච විවරය තුලින් තරු අතර පීනා ගියේය. අහස ඔහුට ගෙදර මෙන් විය. නමුත් ඒ ගෙදරට ලගකදී අමුත්තෙකු පැමීණ ඇත. ඔහුගේ චිත්ත සන්තානය කලබල කිරීමට හේතු වී ඇත්තේ මේ නව සාමාජිකයාය.
නව සාමාජිකයා වනාහි මිනිස් ලොවට අමුත්තෙකු වුවද අනන්ත වු සක්වලට අමුත්තෙකු නොවීය. ඔහුට ඇත්තේ එක අරමුණකි. ඒ අරමුණ සාක්ෂාත් කර ගනු වස් ඔහු ගමන් ඇරඹුවේ මීට දශක ගණනකට පෙර සිටයි. දැන් ඔහු තම ගමනාන්තයට ඉතා ආසන්නව පවතී. මේ ගමන සක්වල ලොක්කන්ගේ තවත් එක් ක්‍රියාකරකමක් පමණක් විය. තරු අතර ගොවීන් වූ ඔවුන් සක්වල පුරා ජීවය වැපිරැවේය. වැපිරූ පැලයක් අනිත් පැලවලට හානි කරයි නම් එය විනාශ කිරීමට ඔවුන් මැලිවුයේ නැත. දැන් උදාවී ඇත්තේ එවැනි පැලයක් විනාශ කර දැමීමටයි. තමන්ගේ තාක්ෂණයෙන් නිර්මාණය වූ ඒ ශිෂ්ටාචාරය දැන් අනිත් ශිෂ්ටාචාරවලට ද තර්ජනයක් වී තිබේ. පෘථිවියට ආසන්න කක්ෂයක අත්හදා බැලූ එක්ස් කිරණ බෝම්බයේ තරංග ලොක්කන්ට ලැබුණු විගස ඔවුන් එය අතුගා දැමීමට පියවර ගත්හ.
ආගන්තුකයා දැන් පෘථිවියට ඉතා ආසන්නව ඇත. අපේ කතා නායකයා මේ වන වන විට එය ඇස්ටරොයිඩයක් ලෙසට අනුමාන කර ඇත. “ හලෝ! මම ලංකාවේ සමීර කියල කෙනෙක් , මට ඔය ගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මම හිතන්නේ එ‍්ක ඇස්ටරොයිඩයක් කියලා , ආකාස අක්ෂාංශ 62 කලා 10 ත් ආකාස දේෂාංශ 23 කලා 20 තමයි ඒක තියෙන්නේ. ” ඔහු දුරකථන රිසීවරය ගැහෙන හදින් යුතුව තිබ්බත් ඒත් සමගම ඔහුගේ මුහුණට සීන් සිනා රැල්ලක් නැගිනි. “ ඔව්, කොහොමත් මට කරන්න පුලුවන් එච්චරයිනේ, මම දන්න දේ මම කිව්වා. අවශ්‍ය දේවල් ඒ අය කරාවි. ”
මේ අතර අන්තර් අභ්‍යාවකාශ ආරක්ෂණ ඒජන්සියට වැඩ වැඩි වී තිබිණි. සියලු අති නවීන දුරේක්ෂ හා සංවේදන උපකරණ සියල්ල ආගන්තුකයා පිලිබද සාක්ෂියක් බලාපෙරොත්තුවෙන් අහස සියුම් ලෙස පරීක්ෂාවට ලක් කරමින් පැවතිනි. නමුත් ඉහත අති නවීන හා සියුම් යන කරුණු දෙක ඉහත සියල්ලන්ම නොමග යැවීය. ඔවුන්ගේ උපකරණ වලට අසුවූ දෙයක් නැත. ඒ සැනින් අපගේ කථා නායකයා පිස්සෙක් යැයි හංවඩු ගැසිනි. නමුත් ඔහු පැවසුවේ සත්‍යයයි. අති නවීන කිසිවෙකුට ආගනතුකයා ප්‍රතිචාර දැක්වුවේ නැත. අදෘශ්‍යමාන මිසයිල වලට වඩා මෙම ක්‍රමය ඉතා සාර්ථක බව තරු අත්දැකීමෙන්ම දනිති.
නමුදු පිස්සෙක් යැයි හංවඩු ගැසුනු ඔහු තම මතයෙන් බැහැර වූයේ නැත. කිමද යත් සැබෑවටම ඔහු එය දුටු බැවිනි. ලෝකයේ අවසානය ලගකදීම සිදුවන බැව් දැන් ඔහුට පැහැදිලිය. දුරේක්ෂයෙන් බලන ඔහුට එය එන්න එන්නම විශාල වන බව හොදාකාරවම පෙනේ. නමුත් කිසිවෙකු එය පිලිගන්නට සූදානම් නැත. එනමුදු එදා සවස දුටු දෙයින් ඔහු සැබෑවටම බියට පත් විය. “ ඒක එච්චර ළගට ඇවිල්ලා? ” ඔහුගේ හෘද ස්පන්දනය අතිශයින්ම වැඩිවී ඇත.
ආගන්තුකයා දැන් තම දිගු නින්දෙන් පිබිද තිබේ. ඔහු ක්‍රමක්‍රමයෙන් අද රාත්‍රියේ ඇති මෙහෙයුමට සූදානම් වේ. අවසානයේ ඔහු කෙරෙන් කුඩා සපන්දයක් නිකුත් විය. “ මෙහෙයුමට සියල්ල සූදනම්! ඝට්ටනයට තව පැයයි ”
සවස පන්ති සංස්කෘතිය තවම නොපැවතියද ඔහු තම පන්තියට යෑමට නිවසින් පිටත් විය. අනන්තවත් තමාගොස් ඇති ඒ වීදිය අද ඔහු සිතට බියක් ගෙනාවේය. නිකමට මෙන් ඔහු නැවත තම නිවස දෙස බැලීය. සැබෑවටම ඔහු සත්‍යය දනී. මේ ඔහු ඔහුගේ නිවස දකින අන්තිම අවස්ථාව නොවේද? නෙත දිගේ ගලා ආ කදුල පිසදැමූ ඔහු පන්තියට යාමට පිටත් විය.
“ ඕයි බලපන් අන්න අර බොරුකාරය එනවා ” පන්තියට ආසන්න වෙත්ම ඔහු කන වැකුණු ඒ වදන් නිසා ඔහු සිත පෑරිනි. පන්තියට ලංවත්ම තමාට කලන්තය සෑදේ යැයි ඔහුට සිතිනි. පන්තියේ ලමුන්ගේ අවඥා සහගත ඉවසීමට බැරි වූ ඔහු නෙතින් කදුළු කැට දෝරේ ගලා ගියේය. හැඩුම අතරින්ම ඔහු පන්තිය පිටුපසට දිව ගියේය. කාලය වේගයෙන් ඉගිල්ලී තිබේ , ඝට්ටනයට ඉතිරිව ඇත්තේ තව විනාඩි පහකි. බංකු ගැට්ට මත හිස තබාගත් ඔහු ඈත තරු දෙස බලා සිටියේ ඉතිරි කාලයත් ගෙවී යන තෙක්ය. තව මොහොතකින් කවුද බොරුකාරයා යන්න ඔවුන්ට වටහාගත හැකිවනු ඇත. සියල්ල සිදු වීමට ඇත්තේ තව තත්පර කිහිපයකි.
සීතල දෑතක් තම උරහිස ස්පර්ෂ කරනු දැනී ඔහු තම ලෝකයෙන් පියවි ලොවට ආවේය. “ පුතා ” සුමදුර ගැහැණු කටහඩක් පිටුපසින් ඇසුනි. ඔහු හිස හරවා ඒදෙස බැලීය. “ පුතා ඔයා කිව්වේ ඇත්ත , මමත් ඒක දැක්කා ” තමා සැමදා ආදරය කරන තාරකාවිද්‍යා ගුරුතුමිය තමා අසල සිටීම මහත් ශක්තියක් යැයි ඔහු සිතුවේය. ක්ෂණයකින් කන් බිහිරි කරවන අකුණක් තමා ඉදිරියෙන් ගැසූ බව ඔහු දුටුවේය. තම ඇස් අහස දෙස යොමු වූයේ මොන හේතුවක් නිසාදැයි ඔහු දැන සිටියේ නැත.
තරු ගොවීන්ගේ අවසාන විධානය නිකුත් විය. ඇස්ටරොයිඩය පෘථීවිය හා ගැටුනි. අහසේ ගිනි ජාලා ඔහු අවසානයට දුටුවේය. ප්‍රාණය නිරුද්ධ ඔහු සිරුර පොලව මතට වැටෙද්දී ඔහුට මෙසේ සිතෙන්නට ඇත.
“ ඔව් , මං කිව්වේ ඇත්ත තමයි ”

0 comments