වැඩ වැඩි උනාම නින්ද යනව කියල සමහරු කියනවනේ... මට නම් මේ දවස් වල නින්දටත් වඩා දවල් හිනා දකින එක නම් ගොඩක් වැඩි වෙලා. එක පාරටම ලස්සන සින්දුවක් ඇහුණා... දවල් හීනෙට නිකන් පොඩි ගැම්මක් අවා එක පාරටම....
"ඔබ ලග නැති මේ සසරේ... තනිකම දැනුනා අදුරේ....
පැතුවා ඔබේ සිසිලයි උණුසුම් කතරේ...
ඔබ මා ලග නැති අතරේ..."
පරණ මතකයක හිත හිර උනා... මේ අත්දැකීම තියෙන අය නම් දන්නවා මේ දවල් හිනා වල දිග... එත් එතකොටම....
"මල් පෙරහැර එන්නා සේ හිදිමි...
ඔබ මහද පුරා ඇවිදින සුව විදිමී...
ගැල් පෙරහැර යන්නා සේ නිදමි...
ඔබ අහක බලා ගිය පසු දුක් විදිමි..."
සංගීත්ගේ ඒ සින්දුව නම් විරහ දුකෙන් විදවන ප්‍රේමවන්තයන්ට ටිකක් තද පහරක් ගැහුවා වගේ...
ගොඩක් ආදරයෙන් පැරදුන ප්‍රේමවන්තයෝ, ප්‍රේමවන්තියෝ හැමෝම ආදරේට වැඩ විරහවට ආදරේ කරන්නේ හිත කිරි ගැසිලා යන ඒ හැගීම් වලටද දන්නේ නෑ... මොකද මන් නම් විරහවට ආදරේ කරන්න ඇබ්බැහි වෙලා දැන් නම්...
"මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..."
ඔහු එහෙම අහනකොට,
"මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි...?"
ඇය එහෙම කිව්වට ඇයටත් කදුළු තොටුපින් යන්නබැරුව ඇති... නැත්තම් ඔහු කදුළු තොටුපලට වෙලා බලන් ඉන්නවා කියල ඇය දන්නේ කොහොමද?
සමහර ආදර කතා අවසන් වෙන්නේ ඔහු හෝ ඇය තමන්ගේ ප්‍රේමය හරයමකින්ම නෙවෙයි... ඉතින් ඔවුන්ට එක වෙන්න අවස්ථාවක් ලැබුනොත් එක් නොවී ඉදිද? ලෝකෙටම හොරෙන්...
එතකොටම එහෙම වෙන් උන ප්‍රේමවන්තයෙක් තමන්ගේ ආදරිය වෙනත් කෙනෙක් සමග දිග යන දවසේදී මෙහෙම කියනවා...
"පොල් රුප්පාවේ දගකල සෙල්ලම්, සුළගේ පාවී සිතට දැනෙයි...
පිටගම් යනදා ඒ සිහිවෙනවා... හින් සැරේ ඔබ මා අමතක කරලා..."
ඇත්තටම අපි කලෙක ආදරේ කරපු කෙනෙක් වෙන කෙනෙකුගේ පතිනිය වෙලා යනකොට ඇත්තටම මොනවගේ දෙයක් දැනෙයිද?
"මායාවක් දෝ බැදුන සිතුම්... ගිනි දැල්වේ අද සෙනෙහෙ පැතුම්...."
සෙනෙහෙ පැතුම් ගිනි දල්වුනාට කමක් නෑ... හැබැයි ඒ හිතට ගිනි දෙන්න නම් එපා... ආදරේ ගෞරවයක් මිසක වෛරයක් කරගන්න එපා...
ඒ උනාට අපි මෙහෙම ආදරේ කරමු....
"සැරයටියෙන් අපි යනෙන තුරා.... සංසාරේ අපි එකට ඉමු...
සංසාරෙන් අපි සමුගන්නා දා... ඒ ගමනත් අපි එකට යමු..."
වේගයෙන් දුවන මේ ලෝකයේ සමහර වෙලාවට පුංචි මොහොතකට අපේ හිත නවත්තන්න සමත් වෙන සිදුවීම්ද නොවෙනවා නොවේ... ඒ සිදුවීම් අතරේ අපිට හැමදාම සිහිවෙන සිදුවීම්ද නැතුවම නොවේ. සමහර සිදුවීම් සිදු නොවුනානම් කියා සිතෙන අවස්ථාද නැතුවාම නොවේ. නමුත් ලෝකය, මිනිස්සු විවිධාකාර නිසාදෝ අමතක කරන්න උත්සහ කරන සිදුවිම්ම නැවත නැවත සිදුවෙන එක නම් හරියට අපිවම විහිලුවකට අරන් වගේ කියලි මට හිතෙන්නේ.
ගොඩක් කාලෙකට කලින් අමතක කරලා දැම්ම හිතට ගොඩක් ලං වුන කෙනෙක් අපහු හම්බවෙනකොට මොන වගේ දෙයක් දැනෙයිද? ඒ කාලෙට ආපහු යන්න තියෙනවනම් කියල ඕන කෙනෙක්ට හිතේවි. එහෙම අමතක කරපු කෙනෙක් හැමදාම හම්බවෙනවානම්...! ඉක්මන් උනා වැඩිද මන්දා කියල හිත්වී. හැමදාම එයාගේ අලුත් යාළුවත් එක්ක හම්බවෙනවානම්, එක ගැන නම් මට කියන්න තේරෙන්නේ නැ... ඉස්සර වගේ පොඩ්ඩක් හරි මගේ දිහා බලල, එක පාරක් හරි හිනා වෙයි... එහෙම උනා නම් ඉතින් ගොඩක් හොදයි කියල මට හිතුනු වාර අනන්තයි.
ඉස්සර වගේ හිනා වෙලා කතා කරන්නේ නැති උනාට තනියම ඉන්න වෙලාවකට ඔලුව ඇල කරලා නිකන් ඇත තියෙන දෙයක් දිහා බලනවා වගේ හොරට මගේ දිහා බැලුව කියල මං නම් ඉතින් මුකුත් කියන්නේ නෑ. ඔයාටත් හිතෙනවද දන්නේ නැ ඉක්මන් උනා වැඩි කියල... එත් ඉතින් එහෙම කියන්න තිබ්බා ඔය තනියම හිටියනම්.කොහොම කියන්නද මන් ඔයා ඔයාගේ අලුත් යාළුවා එක්කනේ දැන් හැමතැනම යන්නේ..
සමහරවිට මමත් ඉක්මන් උනාද කියල මටත් හිතෙනවා...
අද ඔයත් තනියම, මමත් තනියම...
සමහරවිට අපි හම්බවෙයි. ප්‍රේමවන්තයෝ විදියට...! කියන්න බෑ... අපේ දෛවය ලියවුනේ කොමොමද කියල අපි දන්නේ නැනේ...
campus එකේ tennis court එක ලග බංකුවක වාඩිවෙලා ඉන්න සිතල රෑක මට මෙහෙම හිතුන...
"රාත්‍රිය මනරම් කියා... සදට තරුවට කවි ලියා...
මාත් මගේ හිත හදාගන්නම්, නුබත් මා ලග නැති නිසා..."
- පසන් -

හිතේ තියෙන හැමදේම එක පාර ලියල මකල දානවා වගේ මගේ හිතේ තියෙන සමහර දේවල් මට මකල දන්න්න බැරි ඇයි? හිතේ තියෙන දුක, වේදනාව... හැමදාමත් එදා ඉදන් මං ඒ කරපු වැරැද්ද නිසා කොච්චර නම් අඩල ඇත්ද? එත් වෙනස් උන දේ අපහු හදන්න කාටද පුළුවන්! එත් මගේ හිත කවදාවත් ඒ සත්‍යය පිළිගන්න කැමති නෑ...
අදුරුදු ගානකට කලින් මං ලස්සන පුංචි කෙල්ලෙක්ට ආදරේ කරා. ආදරේ කියන දේ අපි කාටවත්ම නොතේරෙන කාලේ ලෝකෙටම හොරාට හිත දෙකක විතරක් තිබ්බ අහිංසකම ආදරයක් එක... එත් ඉතින් ඔය පුංචි පුංචි ආදර කතා වලට තියෙන ආයු කාලෙත් පුන්චිනේ. එත් ඒ පුංචි කාලෙට ලස්සන ලෝකයක තමයි අපි හිටියේ. ඉතින් හිතටත් හොරට ඒ පුංචි කෙල්ල මගේ ජිවිතෙන් ඈතට ගියා...
ඒ උනාට ආපහු අවුරුදු ගානකට පස්සේ මෙන්න ඊට වඩා පොඩ්ඩක් උස වෙච්ච කෙල්ලෙක් හිතේ හොල්මන් කරනවා... ඉතින් අපහු ඒ පරණ කතාවම ආයි තිරේ දිගහැරෙනවා ඊටත් වඩා ලස්සනට.
ඔරලෝසුවේ රාත්‍රී 12 සටහන් වෙන හඬ මම කල්පනා ලෝකයෙන් ඇහැරෙව්වා. ජපානයේ එක සිතල රාත්‍රියක සිතල සුළග තාමත් විවර වුනු ජනෙල් පියන් අතරෙන් කාමරේට හමා එමින් පැවතුනි. රාත්‍රිය සිතල වුවද මගේ ගත නම් උණුසුම්ය. අවසන් වසර විභාගයේ තීරණාත්මක පරීක්ෂණයට ඇත්තේ තව පැය කිහිපයක් පමණි. පොත අතට ගත වෙලේ සිට මා නොකළ එකම දෙය නම් පාඩම් කිරීමයි. අතීත මතකයන්ගෙන් ගමන් ඇරඹි මසිත අවසානයේ මිට දින කිහිපයකට පෙර නැරඹී චිත්‍රපටියක කතාවක් මගේ ජිවිතයට රිංගවීමට මහත් වැයමක් දරමින් සිටියේය. එනමුදු එවන් සුන්දර කතා වල හිමිකරියෙක් වන්නට තරම් එක්කෝ මා පින් කර නැත. නැතිතම් එවැනි පුංචි කෙල්ලෙක් ඉපදී සිට නැත. සරසවි ජිවිතයද නුහුරු රටක ගෙවුන නිසාවෙන්දෝ ඒ කාලයේද වෙන පිරිමි ළමුන් මෙන් කෙල්ලෙකුගේ අත අල්ලන් යාමේ වාසනාවක්නම් මට ලැබුනෙම නැත. මගේ හොදම මිතුරාගේ විවාහ උත්සවයද ඊලග මාසයේ පැවැත්වේ. මගේ ජපානයේ ගත කරන ජිවිතයද තව කෙටි කලකින් නිමවනු ඇත.හෙට පැවැත්වෙන පරීක්ෂණය සමත්වීම මට ඉතාමත් ලේසි වුවද මගේ හිත නම් හොදටම බය වී මගේ නින්දද ඈතට පලවාහැර තිබිණි. මම සීතලද නොසලකා රාත්‍රී අදුරට පියමැන්නෙමි.
කවියෝ රෑ අහස ගැන, රාත්‍රිය ගැන, හද ගැන බොහෝ කවි ලියා තිබුනත් ඒ සියලන්ගෙන්ම සම්පුර්ණ වූ රාත්‍රිය ගැන ලියවුන කවි ප්‍රමාණය අඩුයි කියල තමයි මන් නම් හිතුවේ. මොනවා උනත් හිතේ තිබ්බ අමිහිරි මතක මකල දාන්න සිතල රැයක් තරම් හොද ඔසුවක් නැ කියලයි මං නම් අත්දැකීමෙන් දැනන් හිටියේ. මං වගේ කී දෙනෙක් මේ ඔසුව හොයාගෙන එනවද දන්නේ නැනේ... ඔන්න ඉතින් ආයි මගේ හිත කියවන්න පටන් ගත්තා. මේ දේවල් කියන්නවත් කවුරු හරි හිටියනම්. එහෙම හිතුන වාර ගැන අනන්තයි. එත් මම කෙනෙක්ව විශ්වාස කරන්නේ කොහොමද? ඊටත් වඩා මගේ හිතේ තියෙන විකාර අහන ඉන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවද? ඩොක්ටර් කෙනෙක්ට කිව්වනම් ඒ මොහොතේම මාව උපදේශන සේවයකට යවයි. ඉතින් මං අහසටයි හුලගටයි මගේ කතාව කිය කියා හිටිය.
~~~~~~
කාලය වේගයෙන් යනවා කියල ඉතින් මිනිස්සු කිව්වට මටත් ඕක දැනුනේ ටිකක් වයසට ගියාම තමයි. කොහොමහරි හුලගටයි රෑ අහසටයි කියව කියව හිටපු මට මං හිතපු විදියෙම පුංචි කෙල්ලෙක් හම්බ උන අහම්බෙන්ම වගේ. දන් ඉතින් අහසටයි හුලගටයි කියන්න ඕන ඒවා අහන ඉන්න කැමති කෙනෙක් අන්තිමේදී මං හොයා ගත්තා. හැබැයි ඉතින් ආදරේ කරලා පුරුදු නැති මගේ හිතෙන් මං එයාට ආදරේ කරාට එයාට ඕන කෙනා වෙන්න මට බැරි උනා. දවසක් මං එයට ගොඩක් රිද්දුවා. මං එයාව අවිශ්වාස කරා. උපාධි ගත්ත මොලේට තේරුම් ගන්න බැරි උනා අහසටයි හුලගටයි කිව්ව කතා අහන් ඉන්න පුළුවන් හදවතකට රැවටීම කියන දේ තේරෙන්නේ නැ කියන එක.
ඒ අහිංසක හිත ඒ දවසේ මට සමාව දෙන්න ඇති. අදටත් මගේ ලගට වෙලා මං දුකින් ඉන්නකොට ඔලුව අතගාල තාමත් ඒ හිත මං ගව ඉන්නවා කියල මට මතක් කරනවා ඇති. එත් මගේ හිත නම් මට මැරෙනකම්ම සමාව දෙන එකක් නෑ. අපි ගොඩක් ඉගෙනගෙන ඇති, ලෝකේ ගැන දැනුම ගොඩක් අපිට ලැබිල ඇති, ඒ වගේම අත්දැකීමුත් හුගක් ඇති... එත් ආදරණිය හදවතක් ගාව අපි දන්නා සමහර ලෝක ධර්මයන් වලංගු වෙන්නේ නැ කියලයි අන්තිමේදී මට නම් හිතුනේ. අදටත් ලස්සන රෑක මේ හිත පිළිගන්න අකමැති උන ඒ ඇත්ත සිතල හුලගත් එක්ක ඇවිත් මගේ හිත හීනියට රිද්දල යන්නේ සමහරවිට අපහු මං අතින් ඒ වැරැද්ද වෙඉ කියල හිතාගෙනද දන්නේ නෑ...
ගමෙන් වෙන්වෙලා අපි කොළඹ ආවා. අලුත් තැනක්, අලුත් පරිසරයක්... හැමදෙයක්ම අලුත් වෙලා. අපි ගොඩක් හිතන්නේ ගමෙන් ඈත් වෙලා නගරෙට ආවම ගමේ සුන්දරත්වය නැති නිසා අපේ හිත කොන්ක්‍රීට් වනාන්තරයක් තුල අතරමං වෙයි කියලනේ. ඔව් ඒ කතාවනම් 100% ඇත්ත. කොන්ක්‍රීට් වනාන්තරයකම අතරමන් නොවුනත් හිතේ තිබුන නිදහස් හැගීම පහන් හැගීම් නම් නැති වෙලා යන්න ගොඩක් කල් ගත වූනේ නෑ. සති අන්තේ ගෙදර යනකම් ඇගිලි ගනින අමුතුම විදියක සතියක් තමයි අපිට තිබ්බේ.
එත් මන් කියන්න යන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් කතාවක්. මේ දේ හැමෝටම නොවුනත් කීප දෙනෙක් හරි අත් විදලා ඇති. ජනාකීර්ණ නගරයක් කලබල වෙන්නේ දවල් වෙලාවටනේ... එත් උදේ පාන්දරම ඒ නගරයම බොහොම නිස්කලංකව නිශ්ශබ්දව තියෙන බව ඔයාල අත් විදලා තියෙනවද? ගොඩක් කලබලකාරී තැන් හැම එකක්ම එහෙමයි. පාසල්, පන්සල්, විශ්වවිද්‍යාල මේ හැම තැනකම තත්වය එහෙමයි.
මට පහුගිය විශ්වවිද්‍යාල නිවාඩු දිනයක උදේ පාන්දරම එයට යන්නට අවස්ථාවක් ලැබුනා. මං හිතන්නේ එදා මන් දැක්කේ විශ්වවිද්‍යාලයක් නම් නෙවෙයි. ගොඩනැගිලි තිබ්බා, කාපට් පාරවල් තිබ්බා.. එත් ගස්වල කොළ වැටුන ඒ මන් මාවත් දිගේ මං ඇවිදන් යනකොට මට දැනුනේ හරිම සැහැල්ලු හැගීමක්. හරියට කැලෑබද ප්‍රදේශයක තියෙන බෞද්ධ ආරාමයකට ගියාම ඇති වෙන හැගීමක් තමයි මගේ හිතේ තිබ්බේ. එදා මන් දැක්ක සුන්දරත්වය දැකපු අය ඉන්නවා ඇත්තේ බොහොම ටික දෙනෙක් වෙන්න ඕන. පුළුවන් නම් ඒ සුන්දරත්වයත් එක්ක මොහොතක් තනිවෙන්න අවස්ථාවක් ලබාගන්න. ඔයාලට ඒ හැගීම ජිවිතේට අමතක නොවන හැගීමක් වෙයි.
ඒ වගේම මං එදා තව ගොඩක් දේවල් දැක්කා... ඒවා නම් අපි හැමදාම දකින දේවල් තමයි. එත් අපි කිසිම ඕන කමකින් ඒ දිහා බලන්නේ නැ කියලනම් මට හොදටම විශ්වාසයි. අපි හැමදාම උදේට විශ්වවිද්‍යාලට යනකොට මාර්ගය, ආපනශාලාව, දේශනා ශාලා ඇතුළු හැම අස්සක් මුල්ලක්ම බොහොම හොදට පිරිසිදු වෙලා තියෙන බව ඔබ ඕනා තරම් දැක ඇති. නමුත් එය සිදු කරන පිරිස ඔබ නොදකින්න ඇති. ඔබ දැක්කත් ඒ දිහා කිසිම උවමනාවකින් නොබලන්න ඇති. නමුත් මෙවැනි දින වල සිසුන් නොමැති නිසා ඔවුන්ව ඔබේ දර්ශනයට අනිවාර්යයෙන් අසුවේවි. මින් පෙර ඔබ නොදුටු ඔවුන්ගේ වෙහෙස ඔබ දකීවි. මින් පෙර සංවේදී නොවූ ඔබේ සිත් සංවේදී වේවි. මිතුර ඔවුන් ඔබ වෙනුවෙන් හෙලන දහදිය ඔබ හොදින් මතක තබා ගන්න. වසර කිහිපයකින් ඔබ සුබෝපබෝගී වාහන වලින්ම මේ පරිශ්‍රය තුල ගමන් කරාවි. නමුත් අද මෙන්ම එදත් ඔවුන් ඔබ වෙනුවෙන් දහදිය හෙලන බව මතක තබා ගන්න. ඔවුන්ගේ මහන්සිය වෙනුවෙන් ඔබට හැකි දේ කිරීමට මැලි නොවෙන්න.
පසුගිය දිනක පැවැත්වූ සීල ව්‍යාපාරයේදී මා මුහුණ දුන් තවත් සංවේදී අත්දැකීමක් ගැන මතක් කරනු කැමැත්තෙමි. දහවල් දානය පිලිගන්වූ පසු එයට සහය දුන් අපිද දහවල් අහර ඉතිරි වූ දානයෙන් පිරිමසා ගත්තේමු. ඒ වනවිටත් එතනට පැමිණ සිටි විශ්වවිද්‍යාලය පිරිසිදු කිරීම් සදහා සහය දක්වන පිරිස ආහාර නොගෙන බලා සිටියේය. ඔවුන් අපි සියල්ලෝම අහාර ලබාගෙන අවසන් වන තුරු ආහාර ලබාගත්තේ නැත. ඔවුන් පැවසුවේ "පුතාල ඔයාල මහන්සි උනානේ, ඔයාල කාලා ඉවර උනාම අපි කන්නම්!". අපි එක දිනක් පමණක් එය වෙනුවෙන් මහන්සි උන බව සැබෑය. නමුත් ඔවුන් අපි වෙනුවෙන් නිවාඩු දිනවල පවා මහන්සි වෙයි. අපි එයට පෙරලා ඔවුන්ට ලබාදුන්නේ කුමක්ද? ඉංජිනේරුවන්, දොස්තරවරුන් වැනි ඉහල රැකියාවල් කරන පුද්ගලයන් විශ්වවිද්‍යාල වලින් බිහිවෙන බව සැබෑවකි. නමුත් ඒ ගොඩනැගීම පිටුපස සිටින නොපෙනන පිරිස වෙනුවෙන් අපි සිනහවකින් එකම එක වරක්වත් සංග්‍රහ කර ඇත්ද?
කුණු අස්කිරීම, පිරිසුදු කිරීම ඔවුන්ගේ රැකියාව විය හැක. එයින් ලැබෙන පඩියෙන් ඔවුන් තමන්ගේ දරුවන්, පවුල පෝෂණය කරනවා ඇත. අපද අනාගතයේදී කරන්නේද එයමය. ලැබෙන පඩියේ වෙනස නොවන්නට අපිද ඔවුන්ගේ මට්ටමේම බව අප නුවනින් මෙනෙහි කල යුතුව ඇත. එවිට ඒ තුලින් බිහිවෙන ඉන්ජිනේරුවා හෝ දොස්තර මහතා සොදුරු මිනිසෙකු වනු ඇත. ඔබ සොදුරු මිනිසෙක්ද යන වග මොහොතක් සිතන්න... සොදුරු මිනිසෙකු වන්නට උත්සහ කරන්න. එවිට යම් දිනක ඔබේ හදවත ඔබ වෙනුවෙන් "ඔව්" ලෙස හඩනගා කියාවි. එදිනට ඔබ ලෝකයේ වෙන අය නොදකින තවත් සුන්දර ඉසව්වක් දුටු බව පසක් වේවි.
එදා හොදින් හිරු පායා තිබු දිනයකි. මම ආරක්ෂක පවුරේ සිට නැවත නිවස බලා එමින් සිටියෙමි. මාගේ නිවාස ඉදිරියේ කළු පැහැ පාර්සලයක් විය. මම එය වීවෘත කළේය. එහි වුයේ දිනපොතකි. සැබවින්ම එය මගේ සීයාගේ විය.
එහි ස්පර්ශය දැනෙත්ම මට මාගේ කුඩා කාලය සිහිවිය. ලැවැන්ඩර් මිටියාවතේ වූ ඔහුගේ පර්යේෂණාගාරය එකල මාගේ ප්‍රියතම ස්ථානය විය. මිටියාවත පුරා සෙල්ලම් කරමිඉන් ගෙවූ කාලය මට තවමත් හොදින් මතකය. නමුත් ඒ සියල්ල එක් අදුරු සැදවක අවසන් විය.
මාගේ මතකයට අනුව එය සූර්ය වර්ෂ 817 විය. මම ආරක්ෂක පවුරේ රාජකාරියට ගිය මුල්ම දවස්ද එය විය. ඇලේක්සැන්ඩ්රීයාවේ තාරකා නිරීක්ෂනාගාර එකාබද්ධව නනොමා තරුවට පණිවිඩ යැවීමේ ව්‍යාපෘතිය එකල ක්‍රියාත්මකව පැවතුනි. අහස පුරාම විශාල ආලෝක කදම්බ නනොමා තරුව දෙසට යොමුව පැවතුනි. එම ව්‍යාපෘතිය නැවත දැමිය යුතුයිද එමගින් ඇලේක්සැන්ඩ්රීයාවට අනතුරක් වේයැයිද මගේ සියා එදින රජසභාවේදී පැවසු බව මට අසන්නට ලැබුණි. නමුත් එකල අපි මෙම ව්‍යාපෘතිය සැලකුවේ දෙවියන්ට අප ලොවට පැමිනීමට කල ආරාධනයක් ලෙසයි. කෙසේ වෙතත් එදින රාත්‍රී සියලුම ආලෝක ධාරා නිවී ගියේය. ඒ කුමක් නිසාදැයි ම දැන සිටියේ නැත. නමුත් මගේ සීයා දුටු අවසන් දිනයද එය විය.
පොත ගත් මගේ ඇගිලි වෙවුලන්නට විය. එහි සදහන් වර්ෂය වුයේ 817යි. ඒ සීයා අතුරුදහන් වූ වර්ෂයයි. මම එහි පළමු පිටුව පෙරලීය. එහි වූ සටහන කියවීමට නොහැකි වන ලෙසට බොදවී ගොස් තිබුණි. නමුත් එහි වුයේ සාමාන්‍ය දින සටහන් නොවූ බව මට පසක් විය. පිටුව පුරාම සංකේත හා අක්ෂර පිරී තිබුණි. මම ප්‍රවේසමෙන් ඊලග පිටුවට පෙරලීමි. එහි වුයේ නනොමා තරුව පිළිබද විස්තරයකි. මා ප්‍රවේසමෙන් පිටුවෙන් පිටුව කියවගෙන ගියෙමි. නමුත් එහි පිටු 10කට වඩා ලියා නොතිබිණි. නමුත් ඒ පිටු කිහිපය මාගේ හදගැස්ම වැඩි කිරීමට සමත් විය. එහි අවසන් පිටුවේ කලබලෙන් තැබූ සටහනක් විය. “ඔවුන් මාව මරන්න හදනවා. ඔවුන් නනොමාවරුන් පිළිබද සුළුවෙන් හිතලා වගෙයි. ඔවුන් පරාජය කිරීම අපට හීනයක්ම පමණයි. ටෙරා එකක 7ක් පමණ ගෙවා ඔවුන්ට මෙහි පැමිණීමට තව වසර විස්සක් වත් යාවි. ඔවුන් පැමිණියොත් එය ඇලේක්සැන්ඩ්රීයාවේ අවසානය වේවි. ඔවුන් අපගේ ආත්ම සිරබාරයට ගෙන නැවත මෙහෙන් නික්ම යාවි.” ඊළගට ලියු වචනය පෑනට කැපී ගොස් තිබුණි. ඊටත් පහලින් වුයේ වියලුනු ලේ පැල්ලමකි.
මාගේ හිත සැබවින්ම කලබල වී තිබුණි. කවුරුන් හෝ මට විහිළුවක් කරනවාද? නැත්තම් සීයාගේ මරුවා මාවත් මැරීමට තැත්කරනවාද? මම පොත වසා දමා නැගී සිටියෙමි. එය මේසය මත තැබූ මම පාර දෙස බැලුවේ අමුත්තක් ඇත්දැයි බැලීමටය. “කාටවත්ම කියන්න හොද නෑ” මම සිතුවෙමි. ක්ෂණයකින්ම මගේ දෙනෙත් පොතේ පිට කවරයට යොමු විය. එහි වුයේ ම හොදින්ම දන්නා සලකුණකි. එසේනම් මෙය බොරුවක් විය නොහැක. මෙය සැබෑවටම මාගේ සීයාගේ විය යුතුය.
ඇලේක්සැන්ඩ්රීයාව ශීතල රටක් වූ නිසා එහි උෂ්ණත්වය පාලනයට බටහිර දියවැල රට මැදින් වූ ඇලවල් හරහා යාවා නැගෙනහිර මුහුදට බැහැර කෙරිණි. මාගේ රාජකාරිය වුයේ දියවල ඔස්සේ පැමිණ තටාකය තුල සිරවූ තල්මසුන්ව නැවත මුහුදට රැගෙන යාමයි. මිට පෙර තල්මසුන්ව මරා දැමුනද දැන් මා සිටින නිසා ඔවුන්ට ජීවත් වීමට වරම් ලැබී ඇත. දිය යට ජීවත් වීමට ම සතු වූ අපුරු හැකියාව නිසා මා හට මෙම රාජකාරිය බාර විය. මාගේ ජිවිතයේ මා වැඩිපුරම කැමති මෙයටයි. මෙහි සිටිනා තල්මසුන් සියල්ල මාගේ මිතුරන්ය. ඔවුන් ම එන තුරු තටාකයේ බලා හිදිනවා විය යුතුය.
මම තටාකය අසලට පැමිණ මාගේ පැමිණීම වාර්තා කලෙමි. වෙනදා මෙන්ම අදත් මට හුරු පුරුදු මුහුණක් තටාකයේ නැරඹුම් ශාලාවේ විය. මා ඇයට අත වන තටාකයට පැන්නෙමි. තල්මසුන් සිටින්නේ ගැඹුරේ බැවින් මට බොහෝ වෙලා කිමිදෙන්නට වෙයි. හැමදාකම මෙන් අදත් මට ඇගේ මුහුණ මැවී පෙනෙමින් තිබුණි. ඇය රත්භාර් රජුගේ දියණිය වූ වහාරා කුමරියයි. කුඩා කල පටන් අප දෙදෙනා හොදම මිතුරන් විය. නමුත් දැන් ඇය මාගේ හදවත සොර ගත් තැනැත්තිය විය.
මගේ මිතුරා වන ග්ලු පැමිණ මාගේ ඇගේ හැප්පෙන තුරුම මම ය ගැන හිතමින් සිටියෙමි. ග්ලු මා දුටු පමණින් මා වට රවුමක් පිනා ගියේය. “අදත් එයා ආව නේ...” ඌ සිනාසෙමින් පවසීය. මම උට පයින් ගැසුවෙමි. “මගේ තරහ අවුස්සගන්න එපා” ඌ තවමත් හිනා වෙමින් මා වටා පිහිනයි. “අද 5 දෙනෙක් විතරයි ඉන්නේ” ග්ලු පැවසීය. මෙතැන් සිට මා පිහිනිය යුතු නොවේ. ග්ලු මාව අදාල තැන වෙත රැගෙන යයි. සැබවින්ම ඌ අනර්ඝ ඩොල්පිනයෙක් විය. කුඩා කල ගල්පර අතර සිරවී සිටියදේ මා ඌ බෙර ගත්තෙමි. එදා පටන් අද දක්වා ඌ මාගේ මුහුද යට හොදම මිතුරා විය. අපි කෙමෙන් ගමනාන්තය කරා ලග වෙමින් සිටියෙමි. එහි වුයේ මගේ මිතුරු තල්මස් පවුලකි. “කොහොමද ටෙරා...” මම තල්මස් නායකයා වෙත ලග වෙමින් පැවසීමි. “ලුකා.. මම බැලුවා ඔයා මොකද පරක්කු කියල” නැවතත් ග්ලු හිනාවෙන්නට විය. මම වහාරා ගැන සිතමින් සෙමින් පීනා විත් තිබේ. මම ග්ලු දෙසට නොරුස්සනා බැල්මක් හෙලීමි. “අපි යමු” මම තල්මසුන් සමග නැගෙනහිර දෙසට පිහිනීමට පටන් ගතිමි.
“මට වෙනසක් දැනෙනවා ලුකා” ටෙරා ගමනේ අවසන් කොටසේදී මගේ කනට කෙදිරුවේය. මම ඌ දෙසට ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලීමි. “තරු රත්වෙලා, ගොඩබිමට කරදරයක්!” ඌ නැවත පැවසුවේය. එම වචන කිහිපය පමණක් මාගේ සිත බියෙන් වෙලා දැමීමට සමත් විය. ත්ල්මසුන්ගේ මෙවැනි අනාවැකි කිහිප වාරයක්ම මාගේ ජීවිතය බේරා ගැනීමට උදව් විය. “මොන වගේ විනාශයක්ද?” මම උගෙන් විමසුවෙමි. “දියවැල විනාශ වේවි” ඌ පැවසුවේය. මෙහි අරුත වැටහා ගැනීමට මට වැඩි වෙලා ගත නොවීය. දියවැල විනාශ වෙනවා යනු ඇලේක්සැන්ඩ්රීයාවේද අවසානයයි. ග්ලුද එය තේරුම් ගත්තක් මෙන් මා දෙස බිය පිරි දෙනෙතින් බලා සිටියේය. “ලුකා තවත් කව්රුවත් මේ දියවැල පාවිච්චි කරන්නේ නෑ. ඒක අතලග. සමහරවිට ඒ අද වෙන්නත් පුළුවන්. මුහුද ඔබව ආරක්ෂා කරාවි.“ තල්මසුන් මා කෙරෙන් ඈත් වී මුහුද දෙසට පිහින ගියේය.
“ග්ලු” මම ඌ දෙස බැලුවෙමි. “අපි එක බලාපොරොත්තු වෙන්න ඕන”. මට සීයාගේ අනාවැකිය සිහිවිය. අපි දෙදෙනා කෙමෙන් ඇලේක්සැන්ඩ්රීයාව වටා පිහින යාම ඇරඹුවේය. “ලුකා, මටත් ඒ වෙනස දැනෙනවා. බලන්න අද මාළු නෑ”. මටත් ඒ වෙනස දැනී තිබුණි. “ඒ අදද?” මට මේ වනවිටත් එය දහස්වාරයකට වඩා සිති තිබුණි. මම ඊයේ වූ සිදුවීම ග්ලුට පැවසුවෙමි. “ලුකා, මේ ඒක වෙන්න පුළුවන්”. “ඒ අදද ග්ලු?” මම විමසුවෙමි. “ඔව්, ඒ අද තමයි”.
මගේ සිත අවිනිශ්චිත හැගීමෙන් වේලි තිබුණි. තවම ඉර මුදුන් වී නැත. දහවලට පෙර තටාකයට යායුතුයයි මට සිතුණි. ග්ලුගේ අනාවැකියට අනුව අද 18වන පැයේන් පසුව මෙය සිදුවිය යුතුය. මට තවත් පැය කිහිපයක් ඉතිරිව තිබුණි. “ග්ලු මොකක්ද අපි කරන්නේ?” මම ඇසුවෙමි. “කිදුරන් හමුවෙන්න යමු, එක තමයි හොදම දේ”. මම ග්ලුගේ ඇගේ එල්ලුනෙමි. ඌ අන් කවරදාකටත් වඩා වේගයෙන් ග්ලොස්ට් දුපත වෙත පිහිනීය. ඒ අතරතුර මගේ හිත සෑම තැනකම සරිසරුවේය. සමහරවිට රජතුමා මේ ගැන දන්නවා ඇති. සීයාට අනුව ඔවුන් මේ වන විට නනොවාවරුන් පිළිගැනීමට සුදානම් වෙනවා විය යුතුය. එසැනින් මට මිට දින කිහිපයකට පෙර සිදුවූ සිදුවීමක් සිහිවිය. රාජකීය පාලකයන් මාල සාදන මුතු තොගයක් මා ලවා රහසේම ගේද ගෙන්වා ගත්තේය. එසේනම් මොවුන් රහසේම සුදානම් වනවා විය යුතුය.
“ලුකා, අපි ඔබ ගැන බයෙන් හිටියේ. අපි පණිවිඩ කිහිපයක්ම යැව්වා. එත් ඔබ හිටියේ නෑ” මම කිදුරු ගම්මානයට ලගා වූ විගස කිදුරු ප්‍රධානියා පැවසුවේය. මේ වනවිටත් කිදුරු ගම්මානයේ විශාල වෙනසක් වී ඇති බව මට පෙනුණි. වෙනදා මා පිළිගැනීමට බල සිටින කිසිවෙක් අද නැත. “ලුකා ඔවුන් හැමෝම අගාධයේ ගම්මානයට ගියා. මං හිතනවා ඔබට විනාශය දැනෙනවා කියල” ඔහු මගේ උරහිස මත අත තබමින් පැවසීය. “ගොඩබිම අනාරක්ෂිතයි, ඔබට කරදරයක් වෙනවා දකින්න අපි කැමති නෑ. ඔබත් අප සමග පැමිණිය යුතුයි.” නමුත් මගේ හිතේ තිබුනේ වෙනත් අදහසකි. “වහාරා!.. ග්ලු වහාරා කුමරිය තවම මාලිගාවේ...” මම පිහිනායමට ආපසු හැරුණි. නමුත් කිදුරු ප්‍රධානියා මගේ අතින් අල්ලා මාව නැවත්තුවේය. “පරිස්සමින් ලූකා, ප්‍රමාද වෙන්න එපා. අපි ඔබ තිදෙනා එනකම් බලා ඉන්නවා”. මම ග්ලුත් සමග ඇලේක්සැන්ඩ්රීයාව දෙසට පිහිනායමට විය.
අප දෙදෙනා තටාකයේ මතුපිටට එන විට වෙනද මෙන්ම කැප්ටන් යූල් මා දෙසට ශක්තිජනක පානයක් හා උණුසුම් තුවා රැගෙන පැමිණියේය. මා බලාපොරොත්තු වුවාට වඩා අවට පරිසරය යහපත්ව පැවතුණි. “යුල්, මොනවහරි විශේෂයක් තියෙනවද?” මම ඉනිමග දිගේ ඉහලට එමින් ඇසුවෙමි. “ඇයි මොකක්හරි අවුලක්ද?”. “නෑ නෑ මං නිකන් ඇහුවේ”. එසේනම් මොවුන් කිසිවක් දන්නේ නැත. යම් විශේෂයක් ඇත්නම් සැමට ප්‍රථම එය යුල්ට ලැබිය යුතුය. මම ජැටිය මත වැඩි වී උදේ වහාරා කුමරිය සිටි නැරඹුම් කුටිය දෙස බැලීමි. ඇය තාමත් එතන සිටියාය. නමුත් ඇගේ යම් වෙනසක් ඇතිබව මට දැනුණි. ඇය නොඉවසිලිමත් දෑසින් තටාකය දෙස බල සිටියාය. මට අමුත්තක් දැනුණි. ඇය රාජකුමාරිකාවකි, වෙනදා ඇය මෙහි එන විට ඇය වටා ආරක්ෂකයන් රැසක් සිටියේය. නමුත් අද ඇය තනිව පැමිණ ඇත. මම ඉක්මනින් ඇය දෙසට ඇවිද ගියෙමි.
ඇය මා දුටු විගස මා දෙසට දිව ආවය. මුහුදේ සිට හමා ආ සුළගට ඇගේ කෙස් වැටිය තාලයකට නටමින් තිබුණි. ඇය ආයාසයෙන් නගාගත් සිනහව අතරින් වුවද යමක් සිදුවී ඇතිබව මට වැටහුණි. “ඔයා දැන්ද අවේ ලුකා?” ඇය විමසුවාය. “ඇයි තනියම?” මම වටපිට බලමින් ඇසුවෙමි. ඇය එකවරම බිම බලගත්තාය. ඇය පියරජුට රහසින් මෙහි පැමිණ තිබේ. මට එකවරම සිනා පැමිණියත් මම සැරෙන් මෙසේ කීවෙමි. “ඔයාට මොකක්හරි වුණානම් රජතුමා මුලින්ම මරලදාන්නේ මාව තමයි”. ඇයගේ දෙනෙත් කදුලින් පිරි ගියේය. “අපි ගොඩක් කාලෙකින් තනියම හමුවුනේ නෑ” ඇය හැඩුම්බර හඩකින් පැවසුවාය. “හම්ම්.. ඇඩුවා ඇති. දැන් යමු...” මම ඇගේ ඇත අල්ලාගෙන ගල්පරය දෙසට ඇවිදගෙන ගියෙමි.
ඒ වනවිටත් ඉර මුදුන්ව තිබුනද ගල්පර අසල වුයේ සිසිලසකි. අපි දෙදෙනා බොහෝ දිනවල මෙහි පැමිණ ඇත්තෙමු. මෙතනට මා හැරෙන්නට වෙන යට පැමිණීමට නොහැක. මෙම ගල්තලාව කිදුරු පාරාදීසයකි. අප දෙදෙනා මුහුද අසල ගලකින් වාඩි විය. ග්ලුද උදේ මෙන් සමච්චලයට මා සමග හිනාවෙමින් සිටියේය. මම ඌ දෙස රවා බැලීමි. “ඉතින් මොකද හදිස්සියේම?” වෙනදා මෙන් නොව අද ඇය ඉතා නිශ්ශබ්දය. සමහරවිට පියරජතුමා ඇයට බැන තිබෙන්නටද පුළුවන. එවැනි දිනට ඇගේ පෙනුමද මෙසේය. “මොකද, තාත්තා බැන්නද?” ඇගේ නිහඩබව ඉවසීමට බැරිවූතැන මම ඇසීමි. “ලුකා ඒ අය භයානක දෙයක් කරනවා” ඇය පැවසුවාය.
ඇය එදින මාලිගය තුල සිදුවූ සියල්ල මට පැවසුවාය. මගේ උපකල්පනය නිවැරදි විය. රාජසභාව හොරරහසේම නනොවාවරුන් පිළිගැනීමටත් පසුව ඔවුන් හා යුද්ධ කිරීමටත් සැලසුම් සකස් කර තිබිණි. රජු වෙසින් වහාරා කුමරියව මාධ්‍ය කදුකරයට යැවීමට සුදානම් කර ඇති අතර ඇය රහසේම මාලිගයෙන් පිටවී මෙහි පැමිණ ඇත. සීයාගේ අනාවැකිය සත්‍ය බව මට වැටහුණි. මගේ බිය ඇයද හදුනාගත්තා සේය. “ලුකා මොකක්හරි ප්‍රශ්නයක්ද?” ඇයගේ හැදින් මා තිගැස්සුනි. “නෑ වහාරා, මොනවත් නෑ” මම කීවෙමි. ඇය එය නොපිළිගත් බව මට වැටහුණි. නමුත් ඇය කෙදිනකවත් මගෙන් පෙරලා ප්‍රශ්නකොට නැතිනිසා එය මට සහනයක් විය. ඇය දැනගත්තොත් මේ නිසා ඇයගේ මව, පියා ඇතුළු සියල්ලෝම මියැදෙන බව...! පොඩි දෙයටත් ඇස්වල කදුළු පුරවාගන්නා ඇයට මෙය කෙලෙසට දරාගන්නද? මම මාලිගාව දෙස හැරී බැලුවෙමි. ඇය තවමත් බිය රැදී දෙනෙතින් මා දෙස බලා සිටි.
සාගර ජිවින්ටම පමණක් පිහිටන්නා වූ අතිවිශේෂ හැකියාවන් රැසක් මට විය. අතිශය තියුණු පංචෙන්ද්‍රිය හා ඊටත් එහා වූ සංවේදන රැසක් මට අනතුරක් කියා පෑවේය. මට අසුනේ අපට ඉහලින් අකුණක් පුපුරන්නාක් වැනි හඩකි. අප සිටි අවධානම මට ක්ෂණයකින් වැටහුණි. අප දෙසට විශාල ගලක් එමින් තිබුණි. “ග්ලු යටට” මම කෑ ගසමින් වහාරාද රැගෙන මුහුදට පැන්නෙමි. මගේ පපුවෙන් මතුවූ වායුබුබුලක් වහාරාගේ මුහුණ වටා රැදී ඇයට හුස්ම ගතහැකි ලෙස සැකසුණි. මම හැරී ගල්පරය දෙස බැලීමි. මා දුටුවේ අහසපුරා පැතිරුණු විශාල යානා සමුහයකි. ඒවායින් නගරය දෙසට පහර දෙමින් තිබුණි. ඊළගට මා දුටු දෙයින් මගේ හදවත හිරිවැටි ගියේය. විශාලම යානාවෙන් එල්ලවූ පහරක් හමුවේ රජමාලිගය සුනුවිසුනු වී ගියේය. එසැනින් මා දුටුවේ ඔවුන් ගල්පරය දෙසටද පැමිණෙන අයුරුයි. “ග්ලු.. යං” මම මුහුද යටට ගිලෙමින් පැවසුවෙමි. මම එක අතකින් වහාරාවද අනෙක් අතින් ග්ලුවද බදගත්තෙමි. ග්ලු ඉ ගහක වේගයෙන් කිදුරු ගම්මානය බලා පිහිනිය.
අපට කිදුරු ගම්මානයට පැමිණීමට එතරම් වෙලාවක් ගත නොවිණි. දැන් අප ආගධයේ වූ ගම්මානයට යා යුතුය. කිදුරන්ගේ සැලැස්ම මට වැටහුණි. ඔවුන් පෘතුවිය අතහැර පැනොරා ලොවට යනවා විය හැක. අප තිදෙනා කිදුරු ගම්මානයට යන අගාදයට හැරෙත්ම අපව කැදවාගෙන යාමට ආ කිදුරු කණ්ඩායම හමුවිය. මද වෙලාවකින් අපි නගරයට පැමිණියෙමු. එය දුටු පමණින්ම මගේ සිතේ වූ සැකය නිවරදිවිය. එහි වුයේ කිදුරන් කිහිපදෙනෙකු පමණි.
“ලුකා” කිදුරු ප්‍රධානියා මා දෙසට පැමිණ මා බදා ගත්තේය. “අපි හිතුවේ ඔයා අපිට නැතිවුණා කියල” ඔහු තවමත් මා බදාගත් ගමන්ය. මගේ සිත විවිධ සිතුවිලි රැසක් ඔස්සේ දුවමින් පැවතුනි. මොහු පවසා ඇති ආකාරයට මගේ මව කිදුරියකි. නමුත් මට මතක මා කුඩාකල පටන්ම මුහුදට ඇලුම් කල බවත් කිදුරන් හා සාගර ජීවින් මාගේ හොදම මිතුරන් වූ බවත්ය. “අපි පැනොරවට යනවද?” මම ඔහුගෙන් ඇසුවෙමි. “ඔව් ලුකා.. නැනොවවරුන්ගේ අදහස භයානක වැඩියි. ඔවුන් පෘතුවිය සුද්ද කරාවි.” මට ගොඩබිම ගැන සිහිවුයේ එවිටයි. “අපි අද රෑ වෙන්න කලින් යන්න ඕන. ඒ වගේම මේ තාරක දොරටුවත් වසාදමනවා” ඔහු පැවසුවේය.
අපි පෘතුවියෙන් නික්මයාමට සුදානම් වීමු. තව පැයකින් තාරක දොරටුව වීවෘත වේවි. වාහාරද මා අසලටම වී සිටියාය. ඇය බිය වී සිටියද එඩිතරව මේ අවස්ථාවට මුහුණ දුන්නාය. අපි පෘතුවියෙන් නික්මුණු පසු නැවත මෙහි නොපැමිණෙන බව සිහිවූ විට මගේ නෙතටද කදුලක් නැගුණි. යුගයේ ශ්‍රේෂ්ටතම රාජධානිය දැන් සුන්බුන් ගෙඩක් පමණි. නනොවාවරුන් ඇලේක්සැන්ඩ්රීයාව මුහුද යටට ගිල්වා දැමීමට සූදානම් වනබව කිදුරු ප්‍රධානියා මට පැවසීය. ඊට පෙර අප පිටත් විය යුතුව ඇත. නමුත් ඇලේක්සැන්ඩ්රීයාව මුහුද යට වලලා දැමිය යුතු නොවේ. ඇලේක්සැන්ඩ්රීයාවට වුයේ කුමක්ද යන්න අනාගතය දැනගත යුතුය. නමුත් ඒ පෘතුවිය නැවත ජනාවාස වුවොත් පමණි. නමුත් එය එසේ වනබව මට හැගුණි. අපද අනාගතයේ දවසක නැවත පෘතුවියට පැමිණීමට සිත සිටින්නෙමු. එදිනට ඔබ ඇලේක්සැන්ඩ්රීයාව නම්වූ ශේෂ්ට රාජධානිය ගැන දැනගනීවි. එතෙක් පෘතුවිය ඔබට ආයුබෝවන්!
විද්‍යාගාරයේ පහනේ දුබල ආලෝකය හාත්පස විහිද යයි. මහාචාර්යවරයාගේද දෙනෙතේ බිය මුසු බැල්මක් රැදී තිබේ. ඔහු ඉදිරියේ යතුරු පුවරු කිහිපයකි. නිරායාසයෙන්ම ඔහුගේ දෙනෙත යොමුවුනේ ඇත තිබුණු පරිගණකයක් වෙතයි.
“සර්, අපි දැන් මොකක්ද කරන්නේ?” ඒ ඔහුගේ සහයිකවගේ කටහඩයි. මහාචාර්යවරයා දිගු සුසුමක් හෙලීය. “අපි බලමු දීපිකා”. ඇයගේ ඇස් ඈත තිබු පරිගණකය වෙත යොමු විය. එහි තිරය මත “මම සෙල්ලම් කරනවා” යයි සටහන්ව තිබුණි. “එයා තම පොඩි ළමයෙක් වගේ”.
ඔහු හිස හරවා ඇය දෙස බැලීය. අද අදුරේ වුවද ඇය කන්තිමත්ව ඔහුට පෙනෙයි. තවම තුරුණු වියේ පසුවන මැයට අනතුරක් වුවොත්, ඔහු තමන්ටම දොස් පවරාගත්තේය.
මේ අතර තවත් තැනක හතර දෙනෙකු අතර කෙරෙන කතාබහකි. “ඒ පරිගණකය අප අතට ගත්තොත් ලෝකෙම අල්ලන්න පුළුවන්” එක එකු පවසීය. “එත් උබ හිතනවාද ඔය වයසක මනුස්සය අපිට ඕක නිකන් දෙවි කියල. උට එච්චර සල්ලි දීලත් එපා කිව්වේ!” තවකෙකු කීය. “අපි මෙතෙන්ට වෙලා වාද කරකර ඉන්නකොට වෙන්නේ තව වෙලාව යන එක විතරයි” පිරිසේ නායකයා යයි පවසිය හැකි අයෙකු කීය. “අපි මැන්ට අපහු කෝල් එකක් දීල බලමු. අකමැති උනොත් ඉතින් ඌට දෙවී පිහිටයි”.
“මහාචාර්ය තුමා, ඔබට දුරකථන ඇමතුමක්” හල් පැවසීය. “මේ දුරකථන අංකයෙන් මීට පෙරත් පණිවිඩ පැමිණ තිබෙනවා. පෙර ඇමතුම් ගැන ඔබ බොහොලෙස පරික්ෂාකාරී වී තිබෙනවා. ඒ නිසා මම මේ අංකය ගැන විස්තර හොයන්නද?” මහාචාර්ය තුමාගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් ඇදිනි. ඔහු ඉතා දක්ෂය. දින කිහිපයක් තුල ඔහු බොහෝ දේවල් ඉගෙන ගෙන තිබුණි. නමුත් මේ ඇමතුමෙන් සියල්ලේ අවසානය තීරණය කරන බව ඔහුට සිතුනි. “එපා හල්, මම මේ ඇමතුමට පිළිතුරු දෙන්නේ නෑ. පණිවිඩය රෙකොර්ඩ් කර ගන්න”.
“ආයුබෝවන්! මේ universal විද්‍යාගාරය. මහාචාර්ය තුමාට ඔබගේ පණිවිඩයට පිළිතුරු දිය නොහැකියි. ඔබේ පනිවිඩය පටිගත කරන ලෙස ඔහු මට උපදෙස් දී තිබෙනවා”. ඒ වචන පෙළ අනෙකාගේ කනෙහි වැටෙත්ම කණ්ඩායමටම ගිය සිනා හැදින් විද්‍යාගාරය දෙදරුම් කෑවේය. “ඌ කියනවා අපිත් එක්ක කතා කරන්න බැලූ. දෙන්න තියෙන පණිවිඩයක් දෙන්නලු. මේ ඔය මහාචාර්යයට කියපන් අපි හෙට උදේට එනවා කියල. ඇවිල්ල ඔය කොම්පියුටරේ ගන්නවා කියල”.
“සර්, මේ ප්‍රශ්නේ ඇහුවට සමාවෙන්න, ලදී ඉදල කට්ටිය මන් ගැන කතා කරන්නේ ඇයි සර්? සර් මට අලුත් කොටසක් කරන්නද හදන්නේ?” මහාචාර්යතුමාගේ දෙනෙත් දීපිකා වෙත යැවුනේ නිරායාසයෙනි. ඇයද බියෙන් චංචල වී ඇති බව ඔහුට පෙනුනි. හල ඔවුන් සතු වුවොත්! දැනට ලොව ඇති බුද්ධිමත්ම පරිගණකය, නිසැකයෙන්ම ලොව පුර මහත් වූ අර්බුදයක් හට ගැනෙනු ඇත. තම විසින් මෙම පරිගණකය නිර්මාණයේදී දීපිකාගේ ඇසෙ වර්ගඵලය යොදාගෙන මුරපදයක් දැමූ බව සැබෑය. නමුත් මාෆියාවේ පරිගණක ඉංජිනේරුවන් මෝඩයන් සේ සැලකිය නොහැක.
“අපි හල්ට ඇත්තම කියමු” දීපිකාගේ සිහින් හඩ ඔහුට ඇසුනි. “මොනවා උනත් සර් හල ඔවුන්ට ලැබෙන්න දෙන්න බැ. මම දන්නේ නෑ මේක හත්වෙනි පරම්පරාවේ පරිගණකයක් කොහොම තේරුම් ගනීවිද කියල. සමහරවිට මේක නිදාගන්නවා වගේ දෙයක්. ඔව් සදාකාලිකවම”. නමුත් අවසාන කොටසනම් හලට අසුනේ නැත. දීපිකා ඔහු ලගට පැමිණියාය. “සර් අපි හල්ව විනාශ කරනවද?”. “ඔව්” මෙය ඇය කෙසේ දරා ගත්ත්දැයි ඔහු නොදක්කේය. නමුත් ඇගේ ඇස් කදුලින් තෙත් වූ බවනම් ඔහුට සැබෑය.
“ආදී ආරක්ෂිත කුටීරය විවෘත කරන්න” මහාචාර්ය තුමා එදෙසට පිය නගමින් කීවේය. ඔහුගේ අත කොළ පැහැ බදුනක් වෙත යොමු විය. තම අත අමුතු සීතලකින් වෙලී යනබව ඔහුට දැනුනි. මෙය වසර කීපයකට පෙර හල් නිපැයීම පටන්ගත් දවසේ මෙතන තැබූ බව ඔහුට සිහිවිය. තම නැරඹු චිත්‍රපටියක තිබු ආකාරයට එදා ඔහු මෙය මෙතන තැබුවේ විහිලුවට මෙනි. නමුත් අද සියල්ල චිත්‍රපටියේ ආකාරයට සියල්ල සිදුවන බව ඔහුට සිතුනි. බදුන රැගෙන ආපසු හැරුණු ඔහු දුටුවේ දෙඅත් අතැර මුහුණ සගාවගෙන වැලපෙන ඇයයි. ඇයට මේ ඉරණම අත්නොවිය යුතුය. හල් වෙනුවෙන් ඇය ජීවත් විය යුතුය.
“ඇලක්සැන්ධ්රියා” මුර පදය ඔහු මුවින් නික්මිණි. ප්‍රශ්නයක් වුවහොත් දීපිකව බෙර ගැනීමට තම සකස් කල උපදෙස් දැන් හල් පිලිපදිනු ඇත. හල් ගැන සියලු තොරතුරු අනුරාධගේ පරිගණකයට පිටපත් කෙරෙමින් පවතී. ඔහු ඇත නිරායාසයෙන්ම සාක්කුවේ වූ චිපය වෙත ගියේය. මෙය හල්ට සවිකළ විගසම හල්ගේ විනාශය අරබෙනු ඇත. ඔහු බලා සිටින්නේ මෙහෙයුම සම්පුර්ණ වෙන තුරුය.
“තම මුහුණට දැඩිව එල්ල වූ ආලෝක ධාරාවක් නිසා මහාචාර්යතුමා ජනේලය දෙස බැලීය. “මෙහෙයුම සම්පුර්නයි!” හල්ගේ කටහඩකුටිය තුල නින්නාද විය. දිපිකා ආරක්ෂිත බව ඔහුට වැටහුණි. “ඩොක්ටර් මොකද වෙලා තියෙන්නේ?” අනුරාධ විද්‍යාගාරයට ඇතුළු විය. “දීපිකාගේ මුහුණේ ඇති හැගීම ඔහු දුටුවේය. “මම ඒ රහස දන්නවා”. ඔහු තමන්ටම කියා ගත්තේය.
“දීපිකා, ඔය අනුරාධ එක්ක ඉක්මනට යන්න”
“එත් සර්...”
“මම ගැන හිතන්නෙපා දීපිකා, ඔයා අපහු හල්ව හදන්න”. ඇයගේ දෙනෙතින් කදුළු ගලා හැලුනි.
“මම සර්ගේ ප්‍රාර්ථනාව කොහොමහරි ඉෂ්ට කරනවා”
ඔහු ජනේලය දෙස බැලුවේ ඔවුන් ගියා දැයි දැනගැනීමටය. ඇතට යන වාහනයක රතු එලි ඔහුට පෙනුනි. ඔහු චිපය හල්ට සවි කරේය. “හල් ඔය නිදාගන්නයි යන්නේ. මම හිතනවා අපි දෙන්නටම එකට යන්න පුළුවන් වෙඉ කියල” රතු පැහැ බෝත්හම ඔහු එබීය. තම ජීවිතයේ පළමු වතාවට අඩනබව ඔහුට සිතුනි. හල්ගේ අවසාන ආලෝකයද නිවී යනතෙක් ඔහු බලා සිටියේය. ‘ශේරිෂන්’ ද්‍රාවනයේ සිතල ඔහුට දැනුනි. “මහාචාර්යවරයාගේ හදවතේ සවි කර තිබු හෘදයාබද අනතුරු ඇගවීමේ පද්දතිය ක්‍රියාත්මක විය.
“මෙය කෝරා හදිසි පණිවිඩයක්! මෙය ඇසෙන මානයේ සිටින අයෙක්නම් කරුණාකර ඉක්මනින් පැමිණෙන්න”
නමුත් එය ඇසෙන මානයේ කිසිවෙක් නොවීය. උදාවන නව දිනට එය තම ශක්තිය නැතිවන තුරුම කතා කරේය.







