විද්‍යාගාරයේ පහනේ දුබල ආලෝකය හාත්පස විහිද යයි. මහාචාර්යවරයාගේද දෙනෙතේ බිය මුසු බැල්මක් රැදී තිබේ. ඔහු ඉදිරියේ යතුරු පුවරු කිහිපයකි. නිරායාසයෙන්ම ඔහුගේ දෙනෙත යොමුවුනේ ඇත තිබුණු පරිගණකයක් වෙතයි.
“සර්, අපි දැන් මොකක්ද කරන්නේ?” ඒ ඔහුගේ සහයිකවගේ කටහඩයි. මහාචාර්යවරයා දිගු සුසුමක් හෙලීය. “අපි බලමු දීපිකා”. ඇයගේ ඇස් ඈත තිබු පරිගණකය වෙත යොමු විය. එහි තිරය මත “මම සෙල්ලම් කරනවා” යයි සටහන්ව තිබුණි. “එයා තම පොඩි ළමයෙක් වගේ”.
ඔහු හිස හරවා ඇය දෙස බැලීය. අද අදුරේ වුවද ඇය කන්තිමත්ව ඔහුට පෙනෙයි. තවම තුරුණු වියේ පසුවන මැයට අනතුරක් වුවොත්, ඔහු තමන්ටම දොස් පවරාගත්තේය.
මේ අතර තවත් තැනක හතර දෙනෙකු අතර කෙරෙන කතාබහකි. “ඒ පරිගණකය අප අතට ගත්තොත් ලෝකෙම අල්ලන්න පුළුවන්” එක එකු පවසීය. “එත් උබ හිතනවාද ඔය වයසක මනුස්සය අපිට ඕක නිකන් දෙවි කියල. උට එච්චර සල්ලි දීලත් එපා කිව්වේ!” තවකෙකු කීය. “අපි මෙතෙන්ට වෙලා වාද කරකර ඉන්නකොට වෙන්නේ තව වෙලාව යන එක විතරයි” පිරිසේ නායකයා යයි පවසිය හැකි අයෙකු කීය. “අපි මැන්ට අපහු කෝල් එකක් දීල බලමු. අකමැති උනොත් ඉතින් ඌට දෙවී පිහිටයි”.
“මහාචාර්ය තුමා, ඔබට දුරකථන ඇමතුමක්” හල් පැවසීය. “මේ දුරකථන අංකයෙන් මීට පෙරත් පණිවිඩ පැමිණ තිබෙනවා. පෙර ඇමතුම් ගැන ඔබ බොහොලෙස පරික්ෂාකාරී වී තිබෙනවා. ඒ නිසා මම මේ අංකය ගැන විස්තර හොයන්නද?” මහාචාර්ය තුමාගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් ඇදිනි. ඔහු ඉතා දක්ෂය. දින කිහිපයක් තුල ඔහු බොහෝ දේවල් ඉගෙන ගෙන තිබුණි. නමුත් මේ ඇමතුමෙන් සියල්ලේ අවසානය තීරණය කරන බව ඔහුට සිතුනි. “එපා හල්, මම මේ ඇමතුමට පිළිතුරු දෙන්නේ නෑ. පණිවිඩය රෙකොර්ඩ් කර ගන්න”.
“ආයුබෝවන්! මේ universal විද්‍යාගාරය. මහාචාර්ය තුමාට ඔබගේ පණිවිඩයට පිළිතුරු දිය නොහැකියි. ඔබේ පනිවිඩය පටිගත කරන ලෙස ඔහු මට උපදෙස් දී තිබෙනවා”. ඒ වචන පෙළ අනෙකාගේ කනෙහි වැටෙත්ම කණ්ඩායමටම ගිය සිනා හැදින් විද්‍යාගාරය දෙදරුම් කෑවේය. “ඌ කියනවා අපිත් එක්ක කතා කරන්න බැලූ. දෙන්න තියෙන පණිවිඩයක් දෙන්නලු. මේ ඔය මහාචාර්යයට කියපන් අපි හෙට උදේට එනවා කියල. ඇවිල්ල ඔය කොම්පියුටරේ ගන්නවා කියල”.
“සර්, මේ ප්‍රශ්නේ ඇහුවට සමාවෙන්න, ලදී ඉදල කට්ටිය මන් ගැන කතා කරන්නේ ඇයි සර්? සර් මට අලුත් කොටසක් කරන්නද හදන්නේ?” මහාචාර්යතුමාගේ දෙනෙත් දීපිකා වෙත යැවුනේ නිරායාසයෙනි. ඇයද බියෙන් චංචල වී ඇති බව ඔහුට පෙනුනි. හල ඔවුන් සතු වුවොත්! දැනට ලොව ඇති බුද්ධිමත්ම පරිගණකය, නිසැකයෙන්ම ලොව පුර මහත් වූ අර්බුදයක් හට ගැනෙනු ඇත. තම විසින් මෙම පරිගණකය නිර්මාණයේදී දීපිකාගේ ඇසෙ වර්ගඵලය යොදාගෙන මුරපදයක් දැමූ බව සැබෑය. නමුත් මාෆියාවේ පරිගණක ඉංජිනේරුවන් මෝඩයන් සේ සැලකිය නොහැක.
“අපි හල්ට ඇත්තම කියමු” දීපිකාගේ සිහින් හඩ ඔහුට ඇසුනි. “මොනවා උනත් සර් හල ඔවුන්ට ලැබෙන්න දෙන්න බැ. මම දන්නේ නෑ මේක හත්වෙනි පරම්පරාවේ පරිගණකයක් කොහොම තේරුම් ගනීවිද කියල. සමහරවිට මේක නිදාගන්නවා වගේ දෙයක්. ඔව් සදාකාලිකවම”. නමුත් අවසාන කොටසනම් හලට අසුනේ නැත. දීපිකා ඔහු ලගට පැමිණියාය. “සර් අපි හල්ව විනාශ කරනවද?”. “ඔව්” මෙය ඇය කෙසේ දරා ගත්ත්දැයි ඔහු නොදක්කේය. නමුත් ඇගේ ඇස් කදුලින් තෙත් වූ බවනම් ඔහුට සැබෑය.
“ආදී ආරක්‍ෂිත කුටීරය විවෘත කරන්න” මහාචාර්ය තුමා එදෙසට පිය නගමින් කීවේය. ඔහුගේ අත කොළ පැහැ බදුනක් වෙත යොමු විය. තම අත අමුතු සීතලකින් වෙලී යනබව ඔහුට දැනුනි. මෙය වසර කීපයකට පෙර හල් නිපැයීම පටන්ගත් දවසේ මෙතන තැබූ බව ඔහුට සිහිවිය. තම නැරඹු චිත්‍රපටියක තිබු ආකාරයට එදා ඔහු මෙය මෙතන තැබුවේ විහිලුවට මෙනි. නමුත් අද සියල්ල චිත්‍රපටියේ ආකාරයට සියල්ල සිදුවන බව ඔහුට සිතුනි. බදුන රැගෙන ආපසු හැරුණු ඔහු දුටුවේ දෙඅත් අතැර මුහුණ සගාවගෙන වැලපෙන ඇයයි. ඇයට මේ ඉරණම අත්නොවිය යුතුය. හල් වෙනුවෙන් ඇය ජීවත් විය යුතුය.
“ඇලක්සැන්ධ්‍රියා” මුර පදය ඔහු මුවින් නික්මිණි. ප්‍රශ්නයක් වුවහොත් දීපිකව බෙර ගැනීමට තම සකස් කල උපදෙස් දැන් හල් පිලිපදිනු ඇත. හල් ගැන සියලු තොරතුරු අනුරාධගේ පරිගණකයට පිටපත් කෙරෙමින් පවතී. ඔහු ඇත නිරායාසයෙන්ම සාක්කුවේ වූ චිපය වෙත ගියේය. මෙය හල්ට සවිකළ විගසම හල්ගේ විනාශය අරබෙනු ඇත. ඔහු බලා සිටින්නේ මෙහෙයුම සම්පුර්ණ වෙන තුරුය.
“තම මුහුණට දැඩිව එල්ල වූ ආලෝක ධාරාවක් නිසා මහාචාර්යතුමා ජනේලය දෙස බැලීය. “මෙහෙයුම සම්පුර්නයි!” හල්ගේ කටහඩකුටිය තුල නින්නාද විය. දිපිකා ආරක්‍ෂිත බව ඔහුට වැටහුණි. “ඩොක්ටර් මොකද වෙලා තියෙන්නේ?” අනුරාධ විද්‍යාගාරයට ඇතුළු විය. “දීපිකාගේ මුහුණේ ඇති හැගීම ඔහු දුටුවේය. “මම ඒ රහස දන්නවා”. ඔහු තමන්ටම කියා ගත්තේය.
“දීපිකා, ඔය අනුරාධ එක්ක ඉක්මනට යන්න”
“එත් සර්...”
“මම ගැන හිතන්නෙපා දීපිකා, ඔයා අපහු හල්ව හදන්න”. ඇයගේ දෙනෙතින් කදුළු ගලා හැලුනි.
“මම සර්ගේ ප්‍රාර්ථනාව කොහොමහරි ඉෂ්ට කරනවා”
ඔහු ජනේලය දෙස බැලුවේ ඔවුන් ගියා දැයි දැනගැනීමටය. ඇතට යන වාහනයක රතු එලි ඔහුට පෙනුනි. ඔහු චිපය හල්ට සවි කරේය. “හල් ඔය නිදාගන්නයි යන්නේ. මම හිතනවා අපි දෙන්නටම එකට යන්න පුළුවන් වෙඉ කියල” රතු පැහැ බෝත්හම ඔහු එබීය. තම ජීවිතයේ පළමු වතාවට අඩනබව ඔහුට සිතුනි. හල්ගේ අවසාන ආලෝකයද නිවී යනතෙක් ඔහු බලා සිටියේය. ‘ශේරිෂන්’ ද්‍රාවනයේ සිතල ඔහුට දැනුනි. “මහාචාර්යවරයාගේ හදවතේ සවි කර තිබු හෘදයාබද අනතුරු ඇගවීමේ පද්දතිය ක්‍රියාත්මක විය.
“මෙය කෝරා හදිසි පණිවිඩයක්! මෙය ඇසෙන මානයේ සිටින අයෙක්නම් කරුණාකර ඉක්මනින් පැමිණෙන්න”
නමුත් එය ඇසෙන මානයේ කිසිවෙක් නොවීය. උදාවන නව දිනට එය තම ශක්තිය නැතිවන තුරුම කතා කරේය.



0 comments