හමු නොවුන සිතුවිලි

By Pasan Bhanu Guruge - November 12, 2018


වේගයෙන් දුවන මේ ලෝකයේ සමහර වෙලාවට පුංචි මොහොතකට අපේ හිත නවත්තන්න සමත් වෙන සිදුවීම්ද නොවෙනවා නොවේ... ඒ සිදුවීම් අතරේ අපිට හැමදාම  සිහිවෙන සිදුවීම්ද නැතුවම නොවේ. සමහර සිදුවීම් සිදු නොවුනානම් කියා සිතෙන අවස්ථාද නැතුවාම නොවේ. නමුත් ලෝකය, මිනිස්සු විවිධාකාර නිසාදෝ අමතක කරන්න උත්සහ කරන සිදුවිම්ම නැවත නැවත සිදුවෙන එක නම් හරියට අපිවම විහිලුවකට අරන් වගේ කියලි මට හිතෙන්නේ.

ගොඩක් කාලෙකට කලින් අමතක කරලා දැම්ම හිතට ගොඩක් ලං වුන කෙනෙක් අපහු හම්බවෙනකොට මොන වගේ දෙයක් දැනෙයිද? ඒ කාලෙට ආපහු යන්න තියෙනවනම් කියල ඕන කෙනෙක්ට හිතේවි. එහෙම අමතක කරපු කෙනෙක් හැමදාම හම්බවෙනවානම්...! ඉක්මන් උනා වැඩිද මන්දා කියල හිත්වී. හැමදාම එයාගේ අලුත් යාළුවත් එක්ක හම්බවෙනවානම්, එක ගැන නම් මට කියන්න තේරෙන්නේ නැ... ඉස්සර වගේ පොඩ්ඩක් හරි මගේ දිහා බලල, එක පාරක් හරි හිනා වෙයි... එහෙම උනා නම් ඉතින් ගොඩක් හොදයි කියල මට හිතුනු වාර අනන්තයි.

ඉස්සර වගේ හිනා වෙලා කතා කරන්නේ නැති උනාට තනියම ඉන්න වෙලාවකට ඔලුව ඇල කරලා නිකන් ඇත තියෙන දෙයක් දිහා බලනවා වගේ හොරට මගේ දිහා බැලුව කියල මං නම් ඉතින් මුකුත් කියන්නේ නෑ. ඔයාටත් හිතෙනවද දන්නේ නැ ඉක්මන් උනා වැඩි කියල... එත් ඉතින් එහෙම කියන්න තිබ්බා ඔය තනියම හිටියනම්.කොහොම කියන්නද මන් ඔයා ඔයාගේ අලුත් යාළුවා එක්කනේ දැන් හැමතැනම යන්නේ..

සමහරවිට මමත් ඉක්මන් උනාද කියල මටත් හිතෙනවා...

අද ඔයත් තනියම, මමත් තනියම...

සමහරවිට අපි හම්බවෙයි. ප්‍රේමවන්තයෝ විදියට...! කියන්න බෑ... අපේ දෛවය ලියවුනේ කොමොමද කියල අපි දන්නේ නැනේ...

campus එකේ tennis court එක ලග බංකුවක වාඩිවෙලා ඉන්න සිතල රෑක මට මෙහෙම හිතුන...

"රාත්‍රිය මනරම් කියා... සදට තරුවට කවි ලියා...
මාත් මගේ හිත හදාගන්නම්, නුබත් මා ලග නැති නිසා..."

- පසන් -

  • Share:

You Might Also Like

0 comments