වැඩ වැඩි උනාම නින්ද යනව කියල සමහරු කියනවනේ... මට නම් මේ දවස් වල නින්දටත් වඩා දවල් හිනා දකින එක නම් ගොඩක් වැඩි වෙලා. එක පාරටම ලස්සන සින්දුවක් ඇහුණා... දවල් හීනෙට නිකන් පොඩි ගැම්මක් අවා එක පාරටම....
"ඔබ ලග නැති මේ සසරේ... තනිකම දැනුනා අදුරේ....
පැතුවා ඔබේ සිසිලයි උණුසුම් කතරේ...
ඔබ මා ලග නැති අතරේ..."
පරණ මතකයක හිත හිර උනා... මේ අත්දැකීම තියෙන අය නම් දන්නවා මේ දවල් හිනා වල දිග... එත් එතකොටම....
"මල් පෙරහැර එන්නා සේ හිදිමි...
ඔබ මහද පුරා ඇවිදින සුව විදිමී...
ගැල් පෙරහැර යන්නා සේ නිදමි...
ඔබ අහක බලා ගිය පසු දුක් විදිමි..."
සංගීත්ගේ ඒ සින්දුව නම් විරහ දුකෙන් විදවන ප්‍රේමවන්තයන්ට ටිකක් තද පහරක් ගැහුවා වගේ...
ගොඩක් ආදරයෙන් පැරදුන ප්‍රේමවන්තයෝ, ප්‍රේමවන්තියෝ හැමෝම ආදරේට වැඩ විරහවට ආදරේ කරන්නේ හිත කිරි ගැසිලා යන ඒ හැගීම් වලටද දන්නේ නෑ... මොකද මන් නම් විරහවට ආදරේ කරන්න ඇබ්බැහි වෙලා දැන් නම්...
"මේ කදුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි..."
ඔහු එහෙම අහනකොට,
"මේ කදුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි...?"
ඇය එහෙම කිව්වට ඇයටත් කදුළු තොටුපින් යන්නබැරුව ඇති... නැත්තම් ඔහු කදුළු තොටුපලට වෙලා බලන් ඉන්නවා කියල ඇය දන්නේ කොහොමද?
සමහර ආදර කතා අවසන් වෙන්නේ ඔහු හෝ ඇය තමන්ගේ ප්‍රේමය හරයමකින්ම නෙවෙයි... ඉතින් ඔවුන්ට එක වෙන්න අවස්ථාවක් ලැබුනොත් එක් නොවී ඉදිද? ලෝකෙටම හොරෙන්...
එතකොටම එහෙම වෙන් උන ප්‍රේමවන්තයෙක් තමන්ගේ ආදරිය වෙනත් කෙනෙක් සමග දිග යන දවසේදී මෙහෙම කියනවා...
"පොල් රුප්පාවේ දගකල සෙල්ලම්, සුළගේ පාවී සිතට දැනෙයි...
පිටගම් යනදා ඒ සිහිවෙනවා... හින් සැරේ ඔබ මා අමතක කරලා..."
ඇත්තටම අපි කලෙක ආදරේ කරපු කෙනෙක් වෙන කෙනෙකුගේ පතිනිය වෙලා යනකොට ඇත්තටම මොනවගේ දෙයක් දැනෙයිද?
"මායාවක් දෝ බැදුන සිතුම්... ගිනි දැල්වේ අද සෙනෙහෙ පැතුම්...."
සෙනෙහෙ පැතුම් ගිනි දල්වුනාට කමක් නෑ... හැබැයි ඒ හිතට ගිනි දෙන්න නම් එපා... ආදරේ ගෞරවයක් මිසක වෛරයක් කරගන්න එපා...
ඒ උනාට අපි මෙහෙම ආදරේ කරමු....
"සැරයටියෙන් අපි යනෙන තුරා.... සංසාරේ අපි එකට ඉමු...
සංසාරෙන් අපි සමුගන්නා දා... ඒ ගමනත් අපි එකට යමු..."



0 comments