එදා හොදින් හිරු පායා තිබු දිනයකි. මම ආරක්ෂක පවුරේ සිට නැවත නිවස බලා එමින් සිටියෙමි. මාගේ නිවාස ඉදිරියේ කළු පැහැ පාර්සලයක් විය. මම එය වීවෘත කළේය. එහි වුයේ දිනපොතකි. සැබවින්ම එය මගේ සීයාගේ විය.
එහි ස්පර්ශය දැනෙත්ම මට මාගේ කුඩා කාලය සිහිවිය. ලැවැන්ඩර් මිටියාවතේ වූ ඔහුගේ පර්යේෂණාගාරය එකල මාගේ ප්‍රියතම ස්ථානය විය. මිටියාවත පුරා සෙල්ලම් කරමිඉන් ගෙවූ කාලය මට තවමත් හොදින් මතකය. නමුත් ඒ සියල්ල එක් අදුරු සැදවක අවසන් විය.
මාගේ මතකයට අනුව එය සූර්ය වර්ෂ 817 විය. මම ආරක්ෂක පවුරේ රාජකාරියට ගිය මුල්ම දවස්ද එය විය. ඇලේක්සැන්ඩ්‍රීයාවේ තාරකා නිරීක්ෂනාගාර එකාබද්ධව නනොමා තරුවට පණිවිඩ යැවීමේ ව්‍යාපෘතිය එකල ක්‍රියාත්මකව පැවතුනි. අහස පුරාම විශාල ආලෝක කදම්බ නනොමා තරුව දෙසට යොමුව පැවතුනි. එම ව්‍යාපෘතිය නැවත දැමිය යුතුයිද එමගින් ඇලේක්සැන්ඩ්‍රීයාවට අනතුරක් වේයැයිද මගේ සියා එදින රජසභාවේදී පැවසු බව මට අසන්නට ලැබුණි. නමුත් එකල අපි මෙම ව්‍යාපෘතිය සැලකුවේ දෙවියන්ට අප ලොවට පැමිනීමට කල ආරාධනයක් ලෙසයි. කෙසේ වෙතත් එදින රාත්‍රී සියලුම ආලෝක ධාරා නිවී ගියේය. ඒ කුමක් නිසාදැයි ම දැන සිටියේ නැත. නමුත් මගේ සීයා දුටු අවසන් දිනයද එය විය.
පොත ගත් මගේ ඇගිලි වෙවුලන්නට විය. එහි සදහන් වර්ෂය වුයේ 817යි. ඒ සීයා අතුරුදහන් වූ වර්ෂයයි. මම එහි පළමු පිටුව පෙරලීය. එහි වූ සටහන කියවීමට නොහැකි වන ලෙසට බොදවී ගොස් තිබුණි. නමුත් එහි වුයේ සාමාන්‍ය දින සටහන් නොවූ බව මට පසක් විය. පිටුව පුරාම සංකේත හා අක්ෂර පිරී තිබුණි. මම ප්‍රවේසමෙන් ඊලග පිටුවට පෙරලීමි. එහි වුයේ නනොමා තරුව පිළිබද විස්තරයකි. මා ප්‍රවේසමෙන් පිටුවෙන් පිටුව කියවගෙන ගියෙමි. නමුත් එහි පිටු 10කට වඩා ලියා නොතිබිණි. නමුත් ඒ පිටු කිහිපය මාගේ හදගැස්ම වැඩි කිරීමට සමත් විය. එහි අවසන් පිටුවේ කලබලෙන් තැබූ සටහනක් විය. “ඔවුන් මාව මරන්න හදනවා. ඔවුන් නනොමාවරුන් පිළිබද සුළුවෙන් හිතලා වගෙයි. ඔවුන් පරාජය කිරීම අපට හීනයක්ම පමණයි. ටෙරා එකක 7ක් පමණ ගෙවා ඔවුන්ට මෙහි පැමිණීමට තව වසර විස්සක් වත් යාවි. ඔවුන් පැමිණියොත් එය ඇලේක්සැන්ඩ්‍රීයාවේ අවසානය වේවි. ඔවුන් අපගේ ආත්ම සිරබාරයට ගෙන නැවත මෙහෙන් නික්ම යාවි.” ඊළගට ලියු වචනය පෑනට කැපී ගොස් තිබුණි. ඊටත් පහලින් වුයේ වියලුනු ලේ පැල්ලමකි.
මාගේ හිත සැබවින්ම කලබල වී තිබුණි. කවුරුන් හෝ මට විහිළුවක් කරනවාද? නැත්තම් සීයාගේ මරුවා මාවත් මැරීමට තැත්කරනවාද? මම පොත වසා දමා නැගී සිටියෙමි. එය මේසය මත තැබූ මම පාර දෙස බැලුවේ අමුත්තක් ඇත්දැයි බැලීමටය. “කාටවත්ම කියන්න හොද නෑ” මම සිතුවෙමි. ක්ෂණයකින්ම මගේ දෙනෙත් පොතේ පිට කවරයට යොමු විය. එහි වුයේ ම හොදින්ම දන්නා සලකුණකි. එසේනම් මෙය බොරුවක් විය නොහැක. මෙය සැබෑවටම මාගේ සීයාගේ විය යුතුය.
ඇලේක්සැන්ඩ්‍රීයාව ශීතල රටක් වූ නිසා එහි උෂ්ණත්වය පාලනයට බටහිර දියවැල රට මැදින් වූ ඇලවල් හරහා යාවා නැගෙනහිර මුහුදට බැහැර කෙරිණි. මාගේ රාජකාරිය වුයේ දියවල ඔස්සේ පැමිණ තටාකය තුල සිරවූ තල්මසුන්ව නැවත මුහුදට රැගෙන යාමයි. මිට පෙර තල්මසුන්ව මරා දැමුනද දැන් මා සිටින නිසා ඔවුන්ට ජීවත් වීමට වරම් ලැබී ඇත. දිය යට ජීවත් වීමට ම සතු වූ අපුරු හැකියාව නිසා මා හට මෙම රාජකාරිය බාර විය. මාගේ ජිවිතයේ මා වැඩිපුරම කැමති මෙයටයි. මෙහි සිටිනා තල්මසුන් සියල්ල මාගේ මිතුරන්ය. ඔවුන් ම එන තුරු තටාකයේ බලා හිදිනවා විය යුතුය.
මම තටාකය අසලට පැමිණ මාගේ පැමිණීම වාර්තා කලෙමි. වෙනදා මෙන්ම අදත් මට හුරු පුරුදු මුහුණක් තටාකයේ නැරඹුම් ශාලාවේ විය. මා ඇයට අත වන තටාකයට පැන්නෙමි. තල්මසුන් සිටින්නේ ගැඹුරේ බැවින් මට බොහෝ වෙලා කිමිදෙන්නට වෙයි. හැමදාකම මෙන් අදත් මට ඇගේ මුහුණ මැවී පෙනෙමින් තිබුණි. ඇය රත්භාර් රජුගේ දියණිය වූ වහාරා කුමරියයි. කුඩා කල පටන් අප දෙදෙනා හොදම මිතුරන් විය. නමුත් දැන් ඇය මාගේ හදවත සොර ගත් තැනැත්තිය විය.
මගේ මිතුරා වන ග්ලු පැමිණ මාගේ ඇගේ හැප්පෙන තුරුම මම ය ගැන හිතමින් සිටියෙමි. ග්ලු මා දුටු පමණින් මා වට රවුමක් පිනා ගියේය. “අදත් එයා ආව නේ...” ඌ සිනාසෙමින් පවසීය. මම උට පයින් ගැසුවෙමි. “මගේ තරහ අවුස්සගන්න එපා” ඌ තවමත් හිනා වෙමින් මා වටා පිහිනයි. “අද 5 දෙනෙක් විතරයි ඉන්නේ” ග්ලු පැවසීය. මෙතැන් සිට මා පිහිනිය යුතු නොවේ. ග්ලු මාව අදාල තැන වෙත රැගෙන යයි. සැබවින්ම ඌ අනර්ඝ ඩොල්පිනයෙක් විය. කුඩා කල ගල්පර අතර සිරවී සිටියදේ මා ඌ බෙර ගත්තෙමි. එදා පටන් අද දක්වා ඌ මාගේ මුහුද යට හොදම මිතුරා විය. අපි කෙමෙන් ගමනාන්තය කරා ලග වෙමින් සිටියෙමි. එහි වුයේ මගේ මිතුරු තල්මස් පවුලකි. “කොහොමද ටෙරා...” මම තල්මස් නායකයා වෙත ලග වෙමින් පැවසීමි. “ලුකා.. මම බැලුවා ඔයා මොකද පරක්කු කියල” නැවතත් ග්ලු හිනාවෙන්නට විය. මම වහාරා ගැන සිතමින් සෙමින් පීනා විත් තිබේ. මම ග්ලු දෙසට නොරුස්සනා බැල්මක් හෙලීමි. “අපි යමු” මම තල්මසුන් සමග නැගෙනහිර දෙසට පිහිනීමට පටන් ගතිමි.
“මට වෙනසක් දැනෙනවා ලුකා” ටෙරා ගමනේ අවසන් කොටසේදී මගේ කනට කෙදිරුවේය. මම ඌ දෙසට ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලීමි. “තරු රත්වෙලා, ගොඩබිමට කරදරයක්!” ඌ නැවත පැවසුවේය. එම වචන කිහිපය පමණක් මාගේ සිත බියෙන් වෙලා දැමීමට සමත් විය. ත්ල්මසුන්ගේ මෙවැනි අනාවැකි කිහිප වාරයක්ම මාගේ ජීවිතය බේරා ගැනීමට උදව් විය. “මොන වගේ විනාශයක්ද?” මම උගෙන් විමසුවෙමි. “දියවැල විනාශ වේවි” ඌ පැවසුවේය. මෙහි අරුත වැටහා ගැනීමට මට වැඩි වෙලා ගත නොවීය. දියවැල විනාශ වෙනවා යනු ඇලේක්සැන්ඩ්‍රීයාවේද අවසානයයි. ග්ලුද එය තේරුම් ගත්තක් මෙන් මා දෙස බිය පිරි දෙනෙතින් බලා සිටියේය. “ලුකා තවත් කව්රුවත් මේ දියවැල පාවිච්චි කරන්නේ නෑ. ඒක අතලග. සමහරවිට ඒ අද වෙන්නත් පුළුවන්. මුහුද ඔබව ආරක්ෂා කරාවි.“ තල්මසුන් මා කෙරෙන් ඈත් වී මුහුද දෙසට පිහින ගියේය.
“ග්ලු” මම ඌ දෙස බැලුවෙමි. “අපි එක බලාපොරොත්තු වෙන්න ඕන”. මට සීයාගේ අනාවැකිය සිහිවිය. අපි දෙදෙනා කෙමෙන් ඇලේක්සැන්ඩ්‍රීයාව වටා පිහින යාම ඇරඹුවේය. “ලුකා, මටත් ඒ වෙනස දැනෙනවා. බලන්න අද මාළු නෑ”. මටත් ඒ වෙනස දැනී තිබුණි. “ඒ අදද?” මට මේ වනවිටත් එය දහස්වාරයකට වඩා සිති තිබුණි. මම ඊයේ වූ සිදුවීම ග්ලුට පැවසුවෙමි. “ලුකා, මේ ඒක වෙන්න පුළුවන්”. “ඒ අදද ග්ලු?” මම විමසුවෙමි. “ඔව්, ඒ අද තමයි”.
මගේ සිත අවිනිශ්චිත හැගීමෙන් වේලි තිබුණි. තවම ඉර මුදුන් වී නැත. දහවලට පෙර තටාකයට යායුතුයයි මට සිතුණි. ග්ලුගේ අනාවැකියට අනුව අද 18වන පැයේන් පසුව මෙය සිදුවිය යුතුය. මට තවත් පැය කිහිපයක් ඉතිරිව තිබුණි. “ග්ලු මොකක්ද අපි කරන්නේ?” මම ඇසුවෙමි. “කිදුරන් හමුවෙන්න යමු, එක තමයි හොදම දේ”. මම ග්ලුගේ ඇගේ එල්ලුනෙමි. ඌ අන් කවරදාකටත් වඩා වේගයෙන් ග්ලොස්ට් දුපත වෙත පිහිනීය. ඒ අතරතුර මගේ හිත සෑම තැනකම සරිසරුවේය. සමහරවිට රජතුමා මේ ගැන දන්නවා ඇති. සීයාට අනුව ඔවුන් මේ වන විට නනොවාවරුන් පිළිගැනීමට සුදානම් වෙනවා විය යුතුය. එසැනින් මට මිට දින කිහිපයකට පෙර සිදුවූ සිදුවීමක් සිහිවිය. රාජකීය පාලකයන් මාල සාදන මුතු තොගයක් මා ලවා රහසේම ගේද ගෙන්වා ගත්තේය. එසේනම් මොවුන් රහසේම සුදානම් වනවා විය යුතුය.
“ලුකා, අපි ඔබ ගැන බයෙන් හිටියේ. අපි පණිවිඩ කිහිපයක්ම යැව්වා. එත් ඔබ හිටියේ නෑ” මම කිදුරු ගම්මානයට ලගා වූ විගස කිදුරු ප්‍රධානියා පැවසුවේය. මේ වනවිටත් කිදුරු ගම්මානයේ විශාල වෙනසක් වී ඇති බව මට පෙනුණි. වෙනදා මා පිළිගැනීමට බල සිටින කිසිවෙක් අද නැත. “ලුකා ඔවුන් හැමෝම අගාධයේ ගම්මානයට ගියා. මං හිතනවා ඔබට විනාශය දැනෙනවා කියල” ඔහු මගේ උරහිස මත අත තබමින් පැවසීය. “ගොඩබිම අනාරක්ෂිතයි, ඔබට කරදරයක් වෙනවා දකින්න අපි කැමති නෑ. ඔබත් අප සමග පැමිණිය යුතුයි.” නමුත් මගේ හිතේ තිබුනේ වෙනත් අදහසකි. “වහාරා!.. ග්ලු වහාරා කුමරිය තවම මාලිගාවේ...” මම පිහිනායමට ආපසු හැරුණි. නමුත් කිදුරු ප්‍රධානියා මගේ අතින් අල්ලා මාව නැවත්තුවේය. “පරිස්සමින් ලූකා, ප්‍රමාද වෙන්න එපා. අපි ඔබ තිදෙනා එනකම් බලා ඉන්නවා”. මම ග්ලුත් සමග ඇලේක්සැන්ඩ්‍රීයාව දෙසට පිහිනායමට විය.
අප දෙදෙනා තටාකයේ මතුපිටට එන විට වෙනද මෙන්ම කැප්ටන් යූල් මා දෙසට ශක්තිජනක පානයක් හා උණුසුම් තුවා රැගෙන පැමිණියේය. මා බලාපොරොත්තු වුවාට වඩා අවට පරිසරය යහපත්ව පැවතුණි. “යුල්, මොනවහරි විශේෂයක් තියෙනවද?” මම ඉනිමග දිගේ ඉහලට එමින් ඇසුවෙමි. “ඇයි මොකක්හරි අවුලක්ද?”. “නෑ නෑ මං නිකන් ඇහුවේ”. එසේනම් මොවුන් කිසිවක් දන්නේ නැත. යම් විශේෂයක් ඇත්නම් සැමට ප්‍රථම එය යුල්ට ලැබිය යුතුය. මම ජැටිය මත වැඩි වී උදේ වහාරා කුමරිය සිටි නැරඹුම් කුටිය දෙස බැලීමි. ඇය තාමත් එතන සිටියාය. නමුත් ඇගේ යම් වෙනසක් ඇතිබව මට දැනුණි. ඇය නොඉවසිලිමත් දෑසින් තටාකය දෙස බල සිටියාය. මට අමුත්තක් දැනුණි. ඇය රාජකුමාරිකාවකි, වෙනදා ඇය මෙහි එන විට ඇය වටා ආරක්ෂකයන් රැසක් සිටියේය. නමුත් අද ඇය තනිව පැමිණ ඇත. මම ඉක්මනින් ඇය දෙසට ඇවිද ගියෙමි.
ඇය මා දුටු විගස මා දෙසට දිව ආවය. මුහුදේ සිට හමා ආ සුළගට ඇගේ කෙස් වැටිය තාලයකට නටමින් තිබුණි. ඇය ආයාසයෙන් නගාගත් සිනහව අතරින් වුවද යමක් සිදුවී ඇතිබව මට වැටහුණි. “ඔයා දැන්ද අවේ ලුකා?” ඇය විමසුවාය. “ඇයි තනියම?” මම වටපිට බලමින් ඇසුවෙමි. ඇය එකවරම බිම බලගත්තාය. ඇය පියරජුට රහසින් මෙහි පැමිණ තිබේ. මට එකවරම සිනා පැමිණියත් මම සැරෙන් මෙසේ කීවෙමි. “ඔයාට මොකක්හරි වුණානම් රජතුමා මුලින්ම මරලදාන්නේ මාව තමයි”. ඇයගේ දෙනෙත් කදුලින් පිරි ගියේය. “අපි ගොඩක් කාලෙකින් තනියම හමුවුනේ නෑ” ඇය හැඩුම්බර හඩකින් පැවසුවාය. “හම්ම්.. ඇඩුවා ඇති. දැන් යමු...” මම ඇගේ ඇත අල්ලාගෙන ගල්පරය දෙසට ඇවිදගෙන ගියෙමි.
ඒ වනවිටත් ඉර මුදුන්ව තිබුනද ගල්පර අසල වුයේ සිසිලසකි. අපි දෙදෙනා බොහෝ දිනවල මෙහි පැමිණ ඇත්තෙමු. මෙතනට මා හැරෙන්නට වෙන යට පැමිණීමට නොහැක. මෙම ගල්තලාව කිදුරු පාරාදීසයකි. අප දෙදෙනා මුහුද අසල ගලකින් වාඩි විය. ග්ලුද උදේ මෙන් සමච්චලයට මා සමග හිනාවෙමින් සිටියේය. මම ඌ දෙස රවා බැලීමි. “ඉතින් මොකද හදිස්සියේම?” වෙනදා මෙන් නොව අද ඇය ඉතා නිශ්ශබ්දය. සමහරවිට පියරජතුමා ඇයට බැන තිබෙන්නටද පුළුවන. එවැනි දිනට ඇගේ පෙනුමද මෙසේය. “මොකද, තාත්තා බැන්නද?” ඇගේ නිහඩබව ඉවසීමට බැරිවූතැන මම ඇසීමි. “ලුකා ඒ අය භයානක දෙයක් කරනවා” ඇය පැවසුවාය.
ඇය එදින මාලිගය තුල සිදුවූ සියල්ල මට පැවසුවාය. මගේ උපකල්පනය නිවැරදි විය. රාජසභාව හොරරහසේම නනොවාවරුන් පිළිගැනීමටත් පසුව ඔවුන් හා යුද්ධ කිරීමටත් සැලසුම් සකස් කර තිබිණි. රජු වෙසින් වහාරා කුමරියව මාධ්‍ය කදුකරයට යැවීමට සුදානම් කර ඇති අතර ඇය රහසේම මාලිගයෙන් පිටවී මෙහි පැමිණ ඇත. සීයාගේ අනාවැකිය සත්‍ය බව මට වැටහුණි. මගේ බිය ඇයද හදුනාගත්තා සේය. “ලුකා මොකක්හරි ප්‍රශ්නයක්ද?” ඇයගේ හැදින් මා තිගැස්සුනි. “නෑ වහාරා, මොනවත් නෑ” මම කීවෙමි. ඇය එය නොපිළිගත් බව මට වැටහුණි. නමුත් ඇය කෙදිනකවත් මගෙන් පෙරලා ප්‍රශ්නකොට නැතිනිසා එය මට සහනයක් විය. ඇය දැනගත්තොත් මේ නිසා ඇයගේ මව, පියා ඇතුළු සියල්ලෝම මියැදෙන බව...! පොඩි දෙයටත් ඇස්වල කදුළු පුරවාගන්නා ඇයට මෙය කෙලෙසට දරාගන්නද? මම මාලිගාව දෙස හැරී බැලුවෙමි. ඇය තවමත් බිය රැදී දෙනෙතින් මා දෙස බලා සිටි.
සාගර ජිවින්ටම පමණක් පිහිටන්නා වූ අතිවිශේෂ හැකියාවන් රැසක් මට විය. අතිශය තියුණු පංචෙන්ද්‍රිය හා ඊටත් එහා වූ සංවේදන රැසක් මට අනතුරක් කියා පෑවේය. මට අසුනේ අපට ඉහලින් අකුණක් පුපුරන්නාක් වැනි හඩකි. අප සිටි අවධානම මට ක්ෂණයකින් වැටහුණි. අප දෙසට විශාල ගලක් එමින් තිබුණි. “ග්ලු යටට” මම කෑ ගසමින් වහාරාද රැගෙන මුහුදට පැන්නෙමි. මගේ පපුවෙන් මතුවූ වායුබුබුලක් වහාරාගේ මුහුණ වටා රැදී ඇයට හුස්ම ගතහැකි ලෙස සැකසුණි. මම හැරී ගල්පරය දෙස බැලීමි. මා දුටුවේ අහසපුරා පැතිරුණු විශාල යානා සමුහයකි. ඒවායින් නගරය දෙසට පහර දෙමින් තිබුණි. ඊළගට මා දුටු දෙයින් මගේ හදවත හිරිවැටි ගියේය. විශාලම යානාවෙන් එල්ලවූ පහරක් හමුවේ රජමාලිගය සුනුවිසුනු වී ගියේය. එසැනින් මා දුටුවේ ඔවුන් ගල්පරය දෙසටද පැමිණෙන අයුරුයි. “ග්ලු.. යං” මම මුහුද යටට ගිලෙමින් පැවසුවෙමි. මම එක අතකින් වහාරාවද අනෙක් අතින් ග්ලුවද බදගත්තෙමි. ග්ලු ඉ ගහක වේගයෙන් කිදුරු ගම්මානය බලා පිහිනිය.
අපට කිදුරු ගම්මානයට පැමිණීමට එතරම් වෙලාවක් ගත නොවිණි. දැන් අප ආගධයේ වූ ගම්මානයට යා යුතුය. කිදුරන්ගේ සැලැස්ම මට වැටහුණි. ඔවුන් පෘතුවිය අතහැර පැනොරා ලොවට යනවා විය හැක. අප තිදෙනා කිදුරු ගම්මානයට යන අගාදයට හැරෙත්ම අපව කැදවාගෙන යාමට ආ කිදුරු කණ්ඩායම හමුවිය. මද වෙලාවකින් අපි නගරයට පැමිණියෙමු. එය දුටු පමණින්ම මගේ සිතේ වූ සැකය නිවරදිවිය. එහි වුයේ කිදුරන් කිහිපදෙනෙකු පමණි.
“ලුකා” කිදුරු ප්‍රධානියා මා දෙසට පැමිණ මා බදා ගත්තේය. “අපි හිතුවේ ඔයා අපිට නැතිවුණා කියල” ඔහු තවමත් මා බදාගත් ගමන්ය. මගේ සිත විවිධ සිතුවිලි රැසක් ඔස්සේ දුවමින් පැවතුනි. මොහු පවසා ඇති ආකාරයට මගේ මව කිදුරියකි. නමුත් මට මතක මා කුඩාකල පටන්ම මුහුදට ඇලුම් කල බවත් කිදුරන් හා සාගර ජීවින් මාගේ හොදම මිතුරන් වූ බවත්ය. “අපි පැනොරවට යනවද?” මම ඔහුගෙන් ඇසුවෙමි. “ඔව් ලුකා.. නැනොවවරුන්ගේ අදහස භයානක වැඩියි. ඔවුන් පෘතුවිය සුද්ද කරාවි.” මට ගොඩබිම ගැන සිහිවුයේ එවිටයි. “අපි අද රෑ වෙන්න කලින් යන්න ඕන. ඒ වගේම මේ තාරක දොරටුවත් වසාදමනවා” ඔහු පැවසුවේය.
අපි පෘතුවියෙන් නික්මයාමට සුදානම් වීමු. තව පැයකින් තාරක දොරටුව වීවෘත වේවි. වාහාරද මා අසලටම වී සිටියාය. ඇය බිය වී සිටියද එඩිතරව මේ අවස්ථාවට මුහුණ දුන්නාය. අපි පෘතුවියෙන් නික්මුණු පසු නැවත මෙහි නොපැමිණෙන බව සිහිවූ විට මගේ නෙතටද කදුලක් නැගුණි. යුගයේ ශ්‍රේෂ්ටතම රාජධානිය දැන් සුන්බුන් ගෙඩක් පමණි. නනොවාවරුන් ඇලේක්සැන්ඩ්‍රීයාව මුහුද යටට ගිල්වා දැමීමට සූදානම් වනබව කිදුරු ප්‍රධානියා මට පැවසීය. ඊට පෙර අප පිටත් විය යුතුව ඇත. නමුත් ඇලේක්සැන්ඩ්‍රීයාව මුහුද යට වලලා දැමිය යුතු නොවේ. ඇලේක්සැන්ඩ්‍රීයාවට වුයේ කුමක්ද යන්න අනාගතය දැනගත යුතුය. නමුත් ඒ පෘතුවිය නැවත ජනාවාස වුවොත් පමණි. නමුත් එය එසේ වනබව මට හැගුණි. අපද අනාගතයේ දවසක නැවත පෘතුවියට පැමිණීමට සිත සිටින්නෙමු. එදිනට ඔබ ඇලේක්සැන්ඩ්‍රීයාව නම්වූ ශේෂ්ට රාජධානිය ගැන දැනගනීවි. එතෙක් පෘතුවිය ඔබට ආයුබෝවන්!



0 comments